Jun
24
කොරෝනා අසාදනයවීමෙන් වැඩි වශයෙන් පිරිමි පුද්ගලයන් මිය යන බව ලොව පුරා වාර්තා වී ඇති දත්ත පෙන්වා දෙනවා. උදාහරණයක් ලෙස ඉතාලිය, චීනය සහ ඇමරිකාව ආදී රටවල කොරෝනා ආසාදිතයන් අතර වැඩි වශයෙන් සිටින්නේ පිරිමි පුද්ගලයන්. එසේම, වැඩි වශයෙන් මරණයට පත් වන්නේ ද පිරිමි පුද්ගලයන්.
විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ, වයෝවෘධ බව මෙන්ම පිරිමි පුද්ගලයෙකු වීමත් කොරෝනා වෛරසයට ගොදුරු වීමේ වැඩි අවදානමක් ඇති කරන බවයි.
නමුත්, ඊට හාත්පසින්ම වෙනස් කතාවක් ඉන්දියාවෙන් වාර්තා වෙනවා.
ඉන්දියානු සහ ඇමරිකානු විද්‍යාඥයන් පිරිසක් විසින් සිදු කරන ලද නවතම පර්යේෂණයක් පෙන්වා දෙන්නේ, වැඩි වශයෙන් කොරෝනා ආසාදිතයන් පිරිමි පුද්ගලයන් අතරින් වාර්තා වුණත්, ඉන් මිය යාමේ වැඩි අවදානමක් ඇත්තේ කාන්තාවන්ට බවයි.
මැයි 20 වනදා දක්වා ඉන්දියාවේ කොවිඩ් -19 මරණ මත පදනම් ව සිදු කරන ලද මෙම අධ්‍යයනය අනුව, එරට කොරෝනා වැළඳී ඇති මුළු පිරිමි ආසාදිතයන් අතරින් මිය යන 2.9% ට වඩා මුළු කාන්තා ආසාදිතයන් අතරින් 3.3%ක් මිය යන බව පෙන්වා දෙනවා.
වයස අවුරුදු 40-49 අතර කාණ්ඩයේ ආසාදිත කාන්තාවන්ගෙන් 3.2% ක් මියගොස් ඇති අතර, පිරිමි පුද්ගලයන්ගෙන් මියගොස් ඇත්තේ 2.1% ක්. වයස අවුරුදු 5-19 අතර කාණ්ඩයේ ආසාදිතයන්ගෙන් මියගොස් ඇත්තේ කාන්තාවන් පමණයි.
මේ සඳහා හේතු කිහිපයක් ඇති බවයි විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ.
ඒ අතර, ඉන්දියාවේ පිරිමි පුද්ගලයන්ට සාපේක්ෂව වයස්ගත කාන්තාවන් ප්‍රමාණය වැඩි වීම දැයි විද්‍යාඥයන් ප්‍රශ්න කරනවා.
එසේම, ඉන්දියානු කාන්තාවන් වෛද්‍යවරුන් වෙත යාමට ප්‍රමාද වීම, බොහෝ විට නිවසේදී ස්වයං ඖෂධ ලබා ගැනීම, නිවසක කාන්තාවකගේ සෞඛ්‍යය නොසලකා හැරීම වැනි කාරණා ඔවුන් තව දුරටත් ප්‍රශ්න කරනවා.
ඒ අනුව පැන නගින පොදු ප්‍රශ්නය නම්, පරීක්ෂණ සහ ප්‍රතිකාර සඳහා යොමු වීමට කාන්තාවන් ප්‍රමාදවනවා ද යන වගයි.
කෙසේ වෙතත් මේ පිළිබඳව වැඩි දුරටත් පර්යේෂණ කිරීමට බලාපොරොත්තුවන බවයි එම විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ.
Source - මව්බිම