Jun 24

අගරදගුරු හිමියන් ගැන හරීන්ගෙන් තවත් ප‍්‍රකාශයක්


පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් සහ අගරදගුරු හිමියන් සම්බන්ධයෙන් තමාගේ ස්ථාවරයේ කිසිදු වෙනසක් නොමැති බව හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර හරීන් ප‍්‍රනාන්දු පවසනවා.

බදුල්ලේ ඊයේ (23) පස්වරුවේ පැවති ජනහමුවකදී ඔහු මෙම අදහස් පළකළා.

හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර හරීන් ප‍්‍රනාන්දු ඊයේ පැවති තවත් උත්සවයකදී පැවසුවේ අගරදගුරු හිමියන්ට අදරදගුරු ලෙස පැවසීම පිළිබද පමණක් තමා සමාව අයදින බවයි.

මේ අතර අගරදගුරු හිමියන්ට චෝදනා කරමින් හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර හරීන් ප‍්‍රනාන්දු සිදුකළ ප‍්‍රකාශය පිටුපස තවත් සැලැස්මක් පැවතිය හැකි බවට අගරදගුරු පදවි සමාජ සේවා ආයතනයේ අධ්‍යක්‍ෂ ලෝරන්ස් රාමනායක පියතුමන් සැක පළ කරනවා. ඒ, හිටපු මන්තී‍්‍රවරයා සිදුකළ ප‍්‍රකාශයද හෙළා දකිමින්.

එම ප්‍රකාශය පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත් වූවන්ගේ තුවාල යළි පාරන ප්‍රකාශයක් බවද ප්‍රකාශ කෙරුණා.

ආගමික නායකයින්ද තවදුරටත් හරීන් ප‍්‍රනාන්දු හිටපු මන්තී‍්‍රවරයාගේ ප‍්‍රකාශයට විරෝධය පළ කරමින් සිටිනවා. පූජ්‍ය ගොම්බද්දල දමිත හිමියන් සදහන් කළේ දේශපාලනඥයින් අදහස් පළ කිරීමේදී සිහිනුවනින් යුතුව කටයුතු කළ යුතු බවයි.

මේ අතර නිවේදනයක් නිකුත් කරමින් හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර නාමල් රාජපක්‍ෂ පවසන්නේ දේශපාලනඥයින් ප‍්‍රතිපත්ති සම්පාදනයට සීමාවී ආගමික පූජක උතුමන් විවේචනය කිරීම නොකළ යුතු බවයි.

Source - නෙත් News
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.