Jun
23
එක් දරු අනියම් බිරිද ගෙල මිරිකා මරා දැමු දෙදරු පියා
අනියම් බිරිඳව ගෙල මිරිකා මරා දමා පලාගිය පුද්ගලයෙකු වහාම අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට පුත්තලම අතිරේක මහේස්ත‍්‍රාත් ළහිරුද සිල්වා මහතා උඩප්පුව පොලීසියට 22දා නියෝග කළේය.
මෙම ඝාතනය සිදුවූ ස්ථානයට පැමිණි මහේස්ත‍්‍රාත්වරයා ස්ථානීය පරීක්ෂණයක් සිදුකරමින් එසේ විවෘත තීන්දුවක් දෙනු ලැබීය. තවද මෘතදේහය සම්බන්ධයෙන් වෛද්‍ය පරීක්ෂණයක් සිදුකර තොරතුරු අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසටද පොලීසියට දැන්වීය.
මෙසේ ගෙල මිරිකා මරාදමා ඇත්තේ උඩප්පුව පල්ලිවාසල්පාඩුව පදිංචිව සිටි රත්නායක මුදියන්සේලාගේ වින්ද්‍යා සුභෝදනී නැමති 22 හැවිරිදි එක් දරු මවකි. මරණකාරියගේ මුල්විවාහයේ ස්වාමියා මියගොස් ඇති අතර ඔහුට දාව තුන්හැවිරිදි දියණියක සිට ඇත. ඔහුගේ බිරිඳ රැකියාවක් සඳහා විදේශගතව ඇත. අනතුරුව සිද්ධියට අදාල සැකකරු සමග අනියම් ලෙස ජීවතය ගතකර ඇතිබව පොලිස් පරීක්ෂණ වලදී හෙලිවී ඇත.
සැකකරුටද නීත්‍යානුකූල බිරිඳක් ඇති අතර ඔහුද දෙරු පියෙකු බව වාර්තා වේ. සිද්ධියෙන් අනතුරුව 22 සවස සැකකරු වව්නියාව පොලීසියට භාරවී ඇත. එහිදි සැකකරු පවසා ඇත්තේ ඔහු නිවසට පැමිණෙන විට අනියම් බිරිඳ දුරකථන සංවාදයක සිට බවත් කතාකළේ කවුදයැයි විමසීමේදී පිළිතුරු නොදීම හේතුවෙන් ඇතිවූ බහින් බස්වීමකදී එය ගැටුමක් දක්වා වර්ධනය වී පොරබැදීමේදී ගෙල ප‍්‍රදේශය අතට තදවූ බවයි.
මරණකාරියගේ මෘතශරීරය සම්බන්ධයෙන් වෛද්‍ය පරීක්ෂණය පුත්තලම රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබුනි. උඩප්පුව පොලීසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ගාමිණි ගුණතිලක මහතාගේ ප‍්‍රධානත්වයෙන් අපරාධ විමර්ෂණ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක වික‍්‍රමසිංහල පොලිස් සැරයන් ජූඞ් 4371ල පොලිස් කොස්තාපල් චතුරංග 76664 යන පොලිස් නිළධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
වීහේණ අනුරාධ.
Source - මව්බිම