Jun
23
කොටියන් දෙදෙනෙකු එකම තැනකදී මදුවලට හසුවෙයි - එකෙක් මරුට
එකම ස්ථානයකදී මදුවලට හසුව සිටි පැන්තරා පාදුස් වර්ගයට අයත් කදුකර කොටි දෙදෙනෙකු කොත්මලේ, හෙල්බොඩ වතුයායේ පුදුකාඩි කොටසේදී අද (23) හමුව ඇතැයි වනජීවී නිලධාරීන් පවසනවා.
මදුවලට හසුව සිටි මෙම කොටියන්ගෙන් එක් සතෙකු සොයා ගන්නාවිටත් මිය ගොස් සිටි බවත්, අනෙක් කොටියා තුවාල ලබා ඇති බවත් වාර්තා වන අතර මියගොස් සිටි කොටියා අඩි හයක් පමණ දිග තරුණ වයසේ පසුවූ ඉතාමත් නිරෝගී සතෙකු බවද වනජීවී නිලධාරීන් පවසනවා.
මදුවට හසුව තුවාල ලබා දැඩි වේදනාවෙන් පසුවන අනෙක් කොටියා නිර්වින්දය කොට ප්‍රතිකාර කොට වැඩිදුර ප්‍රතිකාර කිරීම සදහා නුවරඑළියට රැගෙන යාමට වනජීවි නිලධාරීන් පියවර ගෙන තිබෙනවා.
දඩයක්කරුවන් විසින් වන සතුන් දඩයම් කර ගැනීමේ අරමුණින් අටවා තිබු මදුවලට හොඳින් වැඩුණු මෙම කොටියන් දෙදෙනා හසුව ඇති බව වනජීවී නිලධාරීන් වැඩිදුරටත් පවසනවා.
උඩරට කදු ප්‍රදේශ ආශ්‍රීත ප්‍රදේශවලදී ශ්‍රී ලංකාවට පමණක් ආවේණික කොටියන් රැසක් මෙවැනි ආකාරයේ මදුවලට හසුව මෙම වසරේදි මිය ගොස් ඇති බවත්, ඒ අතර ඉතාමත් දුර්ලභ කළු කොටියෙක්ද පසුගිය දා ශ්‍රි පාද රක්ෂිතයට ආසන්නයේ තේ වතු ආශ්‍රිත ප්‍රදේශයකදී මන්දකට හසුවීම නිසා මිය ගිය බවද වනජීවී නිලධාරීන් පවසනවා.
Source - මව්බිම