May
23
අද 40ක් සුව වී යයි.. සුව වීමේ ප‍්‍රතිශතය 60% පනී.. අද වාර්තාව මෙන්න…
අද පෙරවරු 10.00 අවසන් වූ පැය 24 කාලය තුල කොරෝනා ආසාදිත ව සිටි පුද්ගලයන් 40 දෙනකු සුවය ලබා රෝහල වලින් බැහැරව ගොස් තිබේ.
එම කාලයේදී කොරෝනා ආසාදිතව රෝහල් ගතකර ඇත්තේ රෝගීන් 13 දෙනෙකි.
ඒ අනුව මේ වනවිට රෝහල් ගතකර සිටින පිරිස 399 දක්වා පහළ බැස ඇති අතර සුවපත් වී ගිය පිරිස 660 දක්වා ඉහළ ගොස් ඇත.
කොරෝනා යයි සැක සහිතව රෝහල් ගත කර සිටින පුද්ගලයන් ගණන 101කි.
මෙතෙක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 1068 වන අතතර ඉන් සුවපත් වූ ප‍්‍රතිශතය 61.7%කි.
වසංගත රෝග විද්‍යා අංශය අද වාර්තාව මෙසේය.
