May
23
ඉහල කොත්මලේ ජලාශයට පැන සිය දිවි හානි කර ගැනිමට උත්සහ කල තරුණිය බේරා ගැනිමට ජලාශයට පැන ජිවිතක්ෂයට පත් මුස්ලිම් ජාතික හමිඩ් රිස්වාන් (28) දෙදරු පියාගේ අවසන් කටයුතු (23) දින ලිදුල ෆාමස්ටන් රත්නගිරිය පොදු සුසාන භුමියේදි සිදු කෙරිණ.
හමිඩ් රිස්වාන්ගේ පශ්චාත් මරණ පරික්ෂණය නුවරඑලිය මහ රෝහලේ අධිකරණ වෛද්‍යයවරයා විසින් (22) දින සිදු කිරිමෙන් පසු දේහය (22) දින පස්වරුවේ රිස්වාන් පදිංචිව සිටි ලිදුල ෆාමස්ටන් රත්නගිරිය ජනපදයට රැගෙන එන ලදි.
හමඩ් රිස්වාන්ගේ දේහයට අවසන් ගෞරව දැක්විමට සෞඛ්‍යය ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කරමින් විශාල පිරිසක් දේහය තැන්පත් කර ඇති ඔහුගේ මවගේ නිවස වෙත පැමිණ සිටි අතර , තලවකැලේ පොලිසියේ සහ ලිදුල පොලිසියේ ස්ථානාධිපතිවරුන් සහ පොලිස් නිලධාරින්ද හමිඩ් රිස්වාන්ගේ දේහයට අවසන් ගෞරව දක්වන ලදි.
මේ අතර ඉහල කොත්මලේ ජලාශයට පැන සිය දිවි හානි කර ගැනිමට තැත් කල තලවකැලේ ප්‍රදේශයේ පදිංචි තිරුචෙල්වම් ශ්‍රියානි (22) හැවිරිදි තරුණිය තව දුරටත් ලිදුල ප්‍රාදේශිය රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබන අතර , ඇයව බැලිමට තලවකැලේ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක රුවන් ප්‍රනාන්දු මහතා රෝහල වෙත ගොස් ඇයට දැඩි ලෙස අවවාද කරනු ලැබිණ.
එහිදි එම තරුණිය පොලිස් ස්ථානාධිපතිවරයා හමුවේ කියා සිටියේ තමන් ගේ පෞද්ගලික හේතුවක් මත ගත් ක්ෂණික තිරණය වැරදි බව තමන්ට දැන් වැටහෙන බවයි.
දියේ ගිලෙමින් සිටියදි එම තරුණිය බේරා ගත් තලවකැලේ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක රුවන් ප්‍රනාන්දු මහතා සහ ඔහුට සහයෝගය ලබා දුන් පොකො රුබන් යන දෙදෙනාව තලවකැලේ ප්‍රදේශයේ දමිල තරුණයන් පිරිසක් විසින් පොලිස් ස්ථානය වෙත පැමිණ ඔහුන් දෙදෙනා සිදු කල උදාර කැපවිම අගය කරමින් හින්දු චාරිත්රනුකුලව සළු පලදවා උපහාර පිදිමක්ද සිදු කරනු ලැබුවා.