May
23
පාකිස්ථාන ගුවන් අනතුරෙන් 92ක් ජීවිතක්ෂයට ! දෙදෙනෙක් නූලෙන් බේරෙයි !
පාකිස්ථානයේ ලාහෝර් නුවර සිට කරච්චි දක්වා ගමන් කරමින් තිබූ අදාල යානය ජින්නා ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත ගොඩබැස්වීමට ආසන්නව තිබිය දී කඩා වැටීමට ලක් විය.
එහිදී පුද්ගලයින් 92 දෙනෙකු මියගොස් ඇති බවට දැනට තහවුරු වී තිබේ.
අනතුරට පත්වූ එයාර්බස් A320 ගුවන් යානයේ ගමන් කළ මගීන් දෙදෙනෙක් නිරුපද්‍රිතව බේරා ගැනිමට හැකිවූ බව එරට සහන සේවකයින් සඳහන් කර සිටිනවා.
මෙලෙස දිවි බේරා ගැනීමට සමත්ව ඇත්තේ පන්ජාබ් බැංකුවේ සභාපතිවරයා වන සෆාර් මසුඩ් සහ මුහුම්මද් සුබේර් යන පුද්ගලයින් බවයි පාකිස්ථාන මාධ්‍ය සඳහන් කලේ.
දිවි බේරාගෙන ඇති බවට සැලකෙන පුද්ගලයින් දෙදෙනාගෙන් එක් අයෙකු මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ අවසන් අවස්ථාවේ තමන් සිහිසුන් වු බවයි.
ප්‍රකෘති තත්ත්වයට පත් වූ පසුව තමාට කාන්තාවන් හා දරුවන්ගේ කෑ ගැසීම් ඇසුණ ද තමා දුටුවේ ගින්නක් පමණක් බවයි.
මෙම ගුවන් යානය අනතුරට ලක්ව ඇත්තේ කාර්මික දෝෂයක් හේතුවෙන් බවයි සිදුකළ මුලික විමර්ෂණයේදී හෙළිව ඇත්තේ.
පාකිස්ථාන සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කලේ අනතුරට පත්වූ යානයේ ගුවන් මගීන් 91 දෙනෙක් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 08 දෙනෙක් සිට ඇති බවයි.
ඒ අනුව අනතුරෙන් පුද්ගලයින් 97 දෙනෙක් ජිවිතක්ෂයට පත්ව ඇත. මේ වන විට මළසිරුරු 67ක් සොයා ගෙන ඇති අතර අනතුරෙන් අසල පිහිටි නිවෙස් වල පදිංචි පුද්ගලයින් ද තුවාල ලබා ඇත. මේ දක්වා අවසන් මරණ හෝ තුවාල ලැබුවන් සංඛ්‍යා ලේඛණ පාකිස්ථාන බලධාරීන් නිකුත් කර නොමැත.
යානය අවස්ථා තුනකදී කරච්චි හි පිහිටි ජින්නා ගුවන් තොටුපලට ගොඩබෑමට උත්සහ දරා ඇති බවත් අවසානයේදී ජනාකීර්ණ නිවාස සංකීර්ණයක් මතට ඇද වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.






එම අනතුරේ වීඩියොවක් පහතින් නරඹන්න