May
10
දේශිය ඖෂධ ශාක සාරයෙන් ගමක් විෂබීජ හරනය කරයි
දිනෙන් දින පැතිර යන කොරෝනා වෛරසයෙන් තම ගම්මානයේ ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා " සිතින් එක් වෙමු - ගතින් දුර ඉමු - කොරෝනා පරදමු - අපේ ගම සුරකිමු " යන අදහසින් යුතුව දේශිය ඖෂධ ශාක වර්ග 12 ක සාරය එක්කර ගනිමින් අනුරාධපුර යසසිරිපුර ගම්මානයේ නිවාස 300 කට අධික ප්‍රමාණයක් විෂබීජ හරනය කිරීමේ වැඩසටහනක් අනුරාධපුර යසසිරිපුර හෙළ වෙද ගෙදර ආයුර්වේද මධ්‍යස්ථානයේ පාරම්පරික ආයුර්වේද වෛද්‍ය ඩී. වී. එස්. ලක්සිරි මහතා ඉකුත්දා ( 08 ) ක්‍රියාත්මක කලේය.
මෙහිදී අදහස් දැක්වූ ආයුර්වේද වෛද්‍ය ලක්සිරි මහතා මෙසේ පැවසීය.
අතීතයේ සිටම විවිධ වෛරස් රෝග වැළදීම වැලැක්වීම සඳහා දේශිය ඖෂධ වට්ටෝරු භාවිතා කරලා තිබෙන බව රහසක් නෙවෙයි. පැපොල කියන වෛරසය අදටත් ජනතාව හදුන්වන්නේ දෙවියන්ගේ ලෙඩ කියලා. ඒ තරමට ජනතාව බයයි. වවර්තමානය වෙනවිට මේ වෛරසය සඳහා බටහිර ඖෂධ තිබුණත් වෛරසය පැතිරීම වැලැක්වීම සඳහා රෝගියා නිදාගන්න ඇදට කොහොඹ කොළ අතුරනවා.
රෝගියාට දවස් හතක් ගියාට පස්සේ කොහොඹ කොළ තම්බලා නාවනවා. කහ දියර ඉසිනවා. සෙම්ප්‍රතිශ්‍යාව කියන්නෙත් වෛරසයක් අදටත් කොත්තමල්ලි කටුවැල්බටු ආඩතෝඩා ඉඟුරු වෙනිවැල්ගැට කියන පස්පන්ගුව තම්බලා බොනවා. හුමාලය මුහුණට අල්ලනවා. එහෙනම් දේශිය ඖෂධ ශාක සාරයෙන් විෂබීජ හරනය කරන්න පුලුවන් කියලා අමුතුවෙන් කිවයුතු නැ.
කොහොඹ කොළ හා ඇට , අමු කහ , වදකහ , දෙහි ඇතුළු දේශිය ඖෂධ 12 ක සාරය අරගෙන තමයි මේ විෂබීජ හරන දියරය හදා ගත්තෙ. මෙය පැරණි ආයුර්වේද පුස්කොළ පොතකිනුයි සොයා ගත්තේ. මේ දියරය සරීරගත උනත් අගුනයක් නැ. ඇගේ තිබෙන වණ , හොරි , දද , කුෂ්ඨ , පණුකැවිලි ආදී රෝග සඳහාත් ගුනයි.
මේ පිළිබඳව යසසිරිපුර වික්‍රමශිලා ධර්මායතනාධිපති තලාව ශ්‍රි ඤාණෝදය මහ පිරිවෙනේ පරිවෙනාචාර්ය ශාස්ත්‍රපති යසසිරිපුර වික්‍රමශිලා ධර්මායතනාධිපති සියඹලාණ්ඩුවේ මහින්දරතන හිමියෝ මෙසේ පැවසූහ.
විවිධ සංවිධාන මගින් විෂබීජ හරන ව්‍යාපෘති ක්‍රියාත්මක වන අයුරු දැකගන්නට ලැබුණා නමුත් අනුරාධපුර නගරයට ආසන්න ගමිමානයක් වන යසසිරිපුර ගම්මානය විෂබීජ හරනය ව්‍යාපෘතියක් නොපැමිණි අවස්ථාවක මෙම ක්‍රියාව අගය කලයුතු කරුනක්.
බුද්ධ කාලයේ සිටම ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුලින් ලෙඩ රෝග සඳහා ප්‍රතිකාර කරා පමණක් නොව විෂබීජ හරණය කිරීම පවා සිදු කර තිබෙනවා. පූතිගත්ත තිස්ස තෙරුන් වහන්සේ ගේ කථාව ඊට කදිම උදාහරණ සැපයෙනවා.
ඒ නිසා මේ වැඩ පිළිවෙළ අගය කරනවා. කොරෝනා වෛරසය පැතිර යාමත් සමඟ දේශීය ආයුර්වේද ක්‍රමය පිළිබඳව නැවත කතිකාවක් ඇති වී තිබෙනවා එක පැත්තකින් ඒ පිළිබඳව සතුටු වෙන්න පුළුවන්.
මැදවච්චිය - සරත්චන්ද්‍ර වික්‍රමසිංහ
Source - මව්බිම