May
10
කාත්තන්කුඩි රෝහලෙන් ආශ්වර්යයක්. එකවර 55ක් සුව වී ගෙදර යයි
කාත්තන්කුඩි මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා ආසාදිත රෝගීන් 55 දෙනෙකු පූර්ණ වශයෙන් සුවය ලබා තිබේ.
ඔවුන් අද දිනයේ රෝහලෙන් බැහැරව යවන බව රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කරයි.
කාත්තන්කුඩි රෝහලේ ආසාදිතයන් 59 දෙනකු ප‍්‍රතිකාර ලබමින් සිටි අතර මෙම පිරිස අඩු වීමත් සමගින් එය 04 දක්වා පහල බසී.
මෙය දිනක් තුලදී ශ්‍රී ලංකාවෙන් සුවපත් වූ වැඩිම රෝගීන් සංඛ්‍යාවයි.
ඒ සමගම මෙම රෝගීන් ප්‍රමාණය සුවපත් වීමත් සමග ශ්‍රී ලංකාව රෝගීන් සුවපත් වීමේ ප්‍රතිශතය ඉහළ යයි.