May 12

කොටි භාණ්ඩාගාරයේ ඩොලර් බිලියන 2 කාගේද?


2020 මැයි 19 දාට කොටි සංවිධානය පරාජය වී වසර 11 කි. එහෙත් කොටි ත‍්‍රස්තයන් 8000 ක් කැනඩාවේ විශාලතම නගරය වූ ටොරොන්ටෝ නුවර සිටින බව කීවොත් ශී‍්‍ර ලංකාවේ ජනතාව මවිතයට පත්වනු ඇත. කැනඩා පොලිසියේ ත‍්‍රස්ත මර්දන ඒකකය සොයාගත් තොරතුරු මෑතකදී එළිදක්වා තිබේ. එසේ වුවත් මේ කොටි ත‍්‍රස්තයන් කවුදැයි හෙළිකිරීම කැනඩා පොලිසියට තහනම් වී ඇත. ඊට ප‍්‍රධාන හේතුව නම් කැනඩාවේ සිටින ප‍්‍රධානතම කොටි දේශපාලකයා වූ ගැරි ආනන්දසංගරී කැනඩා අගමැති ජස්ටින් ටෲඩෝගේ සමීපතම ආධාරකරු මෙන්ම එරට මන්තී‍්‍රවරයකුවීම නිසා කොටි ත‍්‍රස්තයන්ගේ සියලූ තොරතුරු වසන් කිරීමයි.

කැනඩා ත‍්‍රස්ත මර්දන ඒකකය පවත්වාගෙන ගිය ද්‍රවිඩ ඒකකය සිදු කළ විමර්ශන වලින් රැස්කරගත් මෙම තොරතුරු ඇතුළත් වාර්තාව ද කැනඩා ආණ්ඩුව අනාවරණය කළේ නැත. මේ විමර්ශන වාර්තාවේ සඳහන් වන්නේ ටොරොන්ටෝ නුවර සිටින හිටපු කොටි ස්වයංකී‍්‍රය අවි පුහුණුව යුද ටැංකි නාශක අවි භාවිතා කිරීම සහ රොකට් අවි පුහුණුව ලැබූවන් බවයි. මොවුන් සතුව තිබී සන්නාහ ආවරණ සිදුකරන උණ්ඩ, කැලෂිනකෝව් අවි සබ්මැරීන් අවි සහ නාපාම් බෝම්බ ද සොයාගෙන තිබිණි. එසේ වුවත් යුද්ධය පවතින සමයේ මේ තොරතුරු ශී‍්‍ර ලංකාවට ලබාදීමට කැනඩාව කි‍්‍රයා කළේ නැත. කැනඩා ආගමන විගමන යාන්ත‍්‍රණයේ දුර්වලතා නිසා යුද අපරාධවලට වගකිවයුතු අපරාධකරුවන්ට ද කැනඩාවේ දේශපාලන රැකවරණ ලැබී ඇතැයි කැනඩා ත‍්‍රස්ත මර්දන ඒකකය හෙළිකර ඇත.

කොටි පරාජය වීමෙන් පසු කැනඩා ත‍්‍රස්ත මර්දන ඒකකයට කනපතිපිල්ලේ සෂිකුමාර් සහ මහෙන්ද්‍රන් නවරාජා නමැති ත‍්‍රස්තයන් දෙදෙනා අසුවිය. මින් සෂිකුමාර් යනු බෝම්බ නිෂ්පාදකයෙකි. තමාට දේශපාලන රැකවරණ ලබාදෙන ලෙස සෂිකුමාර් ඉදිරිපත් කළ අයැදුම්පතට අදාළ නඩු විභාගය පැවැත්වෙන අවස්ථාවේ සෂිකුමාර්ගේ පැටිකිරිය හෙළිවිය. සෂිකුමාර් කනපතිපිල්ලේ අධිකරණය හමුවේ කරුණු දක්වමින් ශී‍්‍ර ලංකාවේ හමුදා සෙබළුන් මරාදමන අවස්ථාවකට තමා ද සහභාගි වූ බව කියා සිටියේය. මෙහිදී අධිකරණය ප‍්‍රශ්න කළේ එම සෙබළුන්ගේ සිරුරු වළ දැමුවේ කොහේද යන්නයි.

එහෙත් නීතිවේදී චාල්ස් ගවුස් එම ප‍්‍රශ්නයට ප‍්‍රතිචාර නොදක්වන ලෙස සෂිකුමාර්ව වැලැක්වීමට කි‍්‍රයා කළේය. හමුදා සෙබළුන් මරා දමන අවස්ථාවේ තමා අත කැලෂිනකෝව් අවියක් තිබූ බවද සෂිකුමාර් හෙළි කළේය.

මාර්ක් නොහරා නමැති නීතිවේදියා මෙම නඩු විභාගයේදී ශී‍්‍ර ලාංකික සෙබළුන් මරා වළ දැමූ ස්ථානය හෙළිකර ගැනීමට දැරූ උත්සාහය ද අසාර්ථක විය.

එවන් තොරතුරු හෙළි වුවොත් කැනඩා දේශසීමා ඒජන්සිය සෂිකුමාර්ට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කරනු ඇතැයි නීතිවේදී චාල්ස් ගවුස් සඳහන් කළේය.

ශී‍්‍ර ලංකාවේ හමුදාවට එරෙහිව කැනඩා රජය යුද අපරාධ චෝදනා එල්ල කරන අවස්ථාවේ යුද අපරාධකරුවන් කැනඩාවේ සිටින බවට හොඳම සාක්‍ෂිය සෂිකුමාර් කනපතිපිල්ලේයි.

එහෙත් යහපාලන රජය හෝ විදේශ කටයුතු අමාත්‍යාංශය එම යුද අපරාධකරුවන් ගැන අවධානය යොමු කළේ නැත.

සෙබළුන්ව ඝාතනය කරන අවස්ථාවේ සිටි තවත් කොටි ත‍්‍රස්තයකු වූ මහෙන්ද්‍රන් නඩරාජා ද කැනඩාවේදී අසුවිය.

කැනඩා පොලිසියේ සාක්‍ෂිකරුවකු බවට පත්වෙමින් කනපතිපිල්ලේ සෂිකුමාර් තවදුරටත් පැවසුවේ තමා බෝම්බ නිෂ්පාදනය කිරීම සඳහා අනතුරුදායක රසායනික ද්‍රව්‍ය භාවිත කළ බවයි. එහෙත් කැනඩා රජය මේ කොටි බෝම්බකරුට එරෙහිව කිසිදු පියවරක් ගත්තේ නැත. කැනඩා ත‍්‍රස්ත මර්දන ඒකකය තවදුරටත් තම වාර්තාවේ දක්වා ඇත්තේ වර්ල්ඞ් ටැමිල් මුමන්ට් සංවිධානය ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවේ යානා විනාශ කිරීම සඳහා ගුවන් යානා නාශක මිසයිල ලබාගැනීමට ඩොලර් මිලියන 7 ක් එකතු කර තිබූ බවයි.

මේ පසුබිම මැද කොටි පරාජයේ 11 වැනි සමරුව සමීප වන අවස්ථාවේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් සඳහා කොටි සංවිධානයට සී 4 අධිබල පුපුරන ද්‍රව්‍ය කිලෝ 1000 ක් සැපයූ කොටි ආයුධ ජාලයේ ප‍්‍රධානි රවිශංගර් කනගරාජා හෙවත් සංකිලි ටොරොන්ටෝ නුවර සිටින බව කැනඩා සී.ටී.වී. රූපවාහිනියේ තමරා චෙරි නමැති මාධ්‍යවේදිනිය සොයා ගත්තාය.

රවිශංකර්ට වව්නියා මහාධිකරණය වසර 30 ක සිර දඬුවමක් නියම කර තිබිණි.

කොළඹ කැනඩා මහකොමසාරිස් මෙන්ම කැනඩා රජයද රවිශංගර් ටොරොන්ටෝ නුවර සිටින බව හෙළිකර නැත. කැනඩාවේ සී. ටී. වී. රූපවාහිනිය කොටි ආයුධ ජාලයේ ප‍්‍රධානියාට රජය රහසිගත ලෙස දේශපාලන රැකවරණ ලබාදී ඇති බව වසන් කර ඇතැයි කීවේය. රවි ශංකර්ගේ බිරිය සහ නැගණියට ද එලෙස දේශපාලන රැකවරණය ලැබී තිබේ. මේ කොටි ආයුධ ජාලයේ ප‍්‍රධානියාට කැනඩාවේ පුරවැසි බව ලබාදීමට කි‍්‍රයාකර ඇත්තේ මානව හිමිකම් පිළිබඳ නීතිවේදී පෝල් කෙප්ලන්ච්ය. මේ නීතිවේදියා සී. ටී. වී. රූපවාහිනිය අමතා මෙලෙස පවසා ඇත. ”රවිශංකර් කනගරාජා කැනඩා පුරවැසියෙක්. ඔහු ත‍්‍රස්තවාදියෙක් නොවෙයි ඔහුට ඉන්ටර්පෝල් පොලිසියේ වරෙන්තුවක් නැහැ. කැනඩා රජය ඔහුව ශී‍්‍ර ලංකාවට පිටුවහල් කරන්නේ නැහැ.

මේ කොටි ආයුධ ජාලයේ ප‍්‍රධානියාට නීතියෙන් ගැලවීමට හැකි වූයේ පසුගිය රජය ජාත්‍යන්තර පොලිසියේ සටහන්ව තිබූ කොටි ත‍්‍රස්තයන් 144 කගේ නම් ඉවත් කිරීමයි.

කොටි ත‍්‍රස්තයන්ගේ නාමලේඛණය ඉතා රහසිගතව ඉන්ටර්පෝල් නාමලේඛණයෙන් ඉවත් කර ඇතැයි ‘ඉරිදා දිවයින’ මුලින්ම හෙළිකරනු ලැබුවත් යහපාලන රජය එය ඉවත් කළේ මන්දැයි මෙරට ජනතාවට හෙළි කළේ නැත.

වන්නි මෙහෙයුමෙන් පසු කොටි බංකරයක තිබූ රහස් ලියවිලි අතර රවිශංකර් මුහුදු කොටි නායක සුසේ සහ ප‍්‍රභාකරන්ගේ ඡායාරූපයක් ද හමුවී තිබිණි. වැල්වැටිතුරේ ප‍්‍රදේශයේ පදිංචිකරුවකු වූ රවිශංකර්ට 2014 ජුනි 14 දා වසර 30 ක සිරදඬුවමක් නියම කර තිබූ අතර ඔහු කුමන රටේ සිටින්නේ ද යන්න සොයා ගැනීමට නොහැකි විය.

මුල්ලිවයික්කාල් සමරුව නමින් කැනඩාවේ කොටි ජාලය 2020 මැයි 19 දා සැමරීමට උත්සාහ කරන කොටි ත‍්‍රස්තයන් සැමරීමේ උත්සවයට පෙර කැනඩා ත‍්‍රස්ත මර්දන පොලිස් ඒකකයේ රහස් වාර්තාව ප‍්‍රකාශයට පත්වීම ගැන කැනඩා කොටි විරෝධය දක්වා ඇත.

මේ රහස් වාර්තාවේ මෙලෙස දක්වා තිබේ. වසරකට කැනඩා ඊළම් ඩයස්පෝරාව ප‍්‍රභාකරන්ට ඩොලර් මිලියන 12 බැගින් සැපයුවා මේ මුදල් කැනඩා බැංකුවලින් ස්විස්ටර්ලන්තයට ගොස් එම මුදල් අවි ආයුධ වෙළෙන්දන්ට ලැබුණා. මේ අතර කැනඩාවේ පදිංචි හිටපු ආරක්‍ෂක නිලධාරියකු පැවසුවේ බිහිසුණු යුද අපරාධ කළ කොටි රැසක් ටොරොන්ටෝ නුවර සිටින බවයි. මේ අපරාධකරුවන් ජස්ටින් ටෲඩෝ රජය වසන් කරනවා. ටෲඩෝගේ මිතුරා මෙන් කි‍්‍රයාකරන ගැරි ආනන්දසංගරි කොටි යුද අපරාධකරුවන් ආරක්‍ෂා කරනවා යැයි එම ආරක්‍ෂක නිලධාරියා පසුගිය අඟහරුවාදා කැනඩාවේ සිටි අප අමතමින් හෙළි කළේය.

ඔහු තවදුරටත් පැවසුවේ තමා යාපනයේ සේවය කරද්දී හමුදා කඳවුරුවලට පහර දීම මෙහෙයවූ හිටපු කොටි හමුදා නායකයන් රැසක් ටොරොන්ටෝ නුවර සිටින බවයි. තිරුබන් චාවාකච්චේරි පොලිසියට ප‍්‍රහාර එල්ල කළ කොටි හමුදා නායකයායි. ඔහු ටොරොන්ටෝ නුවර අවන්හලක් මෙහෙයවනවා. මේ අවන්හලේ හිමිකරු තමිල් සෙල්වන් එහෙත් අද එය තිරුබන් හිමිකරගෙන සිටිනවා යැයි එම හිටපු ආරක්‍ෂක නිලධාරියා තවදුරටත් හෙළි කළේය. මේ අතර කැනඩාවේ පිහිටි කැනඩා ද්‍රවිඩ කොන්ග‍්‍රසයේ කාර්යාලයට ඇතුළු වූ සොරෙක් එහි තිබූ පරිගණකයක් සොරාගෙන ඇත. එම පරිගණකයේ කැනඩාවේ සිටින හිටපු කොටි කි‍්‍රයාකාරීන්ගේ නම් ඇතුළත්ව තිබූ බව කොන්ග‍්‍රසයේ ප‍්‍රධානි ඬේවිඞ් නමැත්තා ප‍්‍රකාශ කර ඇත.

කැනඩා ආරංචි මාර්ග පැවසුවේ කැනඩා බුද්ධි අංශ සතුව එම පරිගණකය ඇති බවයි. මේ පරිගණකය සොරා ගැනීමේ සිද්ධිය සමග කැනඩා ආගමන සහ අනාථයන් පිළිබඳ මණ්ඩලය පැවසුවේ කිසිදු නමක් ප‍්‍රකාශයට පත් කිරීම තහනම් බවයි.

මේ පසුබිම මැද කැනඩා පොලිස් වාර්තාව ගැන කරුණු දක්වන කැනඩා බලධාරීන් පවසන්නේ හිටපු කොටින්ගෙන් කැනඩාවේ ආරක්‍ෂාවට තර්ජනයක් නැති බවයි.

එහෙත් ශී‍්‍ර ලංකාවේ සිදුවූ බිහිසුණු අපරාධවලට වගකිවයුතු කොටි යුද අපරාධකරුවන් 2000 කට අධික පිරිසක් ටොරොන්ටෝ නුවර සිටින බව තහවුරු වී ඇත. ටොරොන්ටෝ නුවර කි‍්‍රයාත්මක වූ පොලිස් ද්‍රවිඩ කාර්ය සාධක බළකායේ වාර්තාකරු එම තොරතුරු හෙළිකර තිබේ.

කැනඩා බුද්ධි සේවාවේ හිටපු ආරක්‍ෂක උපදේශක ඬේව් හැරිස් පැවසුවේ හිටපු කොටි කි‍්‍රයාකාරීන් ටොරොන්ටෝ නුවර සිටින බවට දැක්වෙන විමර්ශන වාර්තාව නිවැරදි බවයි.

මේ අතර කැනඩා ආරක්‍ෂක බුද්ධි සේවාවද මුල්වරට කොටි වත්කම හෙළිකර ඇත. කොටි සංවිධානය පරාජය වීමෙන් පසු කොටි වත්කම කොතෙක්දැයි මේ දක්වාම සොයා ගැනීමට විදේශ බුද්ධි සේවාවන්ට හෝ මෙරට බුද්ධි අංශවලට හැකි වූයේ නැත. කොටින්ගේ කොළඹ අවට වත්කම් පමණක් සොයාගත් බුද්ධි අංශ එම වත්කම් රුපියල් බිලියන 2 ක් බව දක්වා තිබිණි. එහෙත් කැනඩා ආරක්‍ෂක බුද්ධි සේවාව කොටි පරාජය වී වසර 11 ක් සමීප වන අවස්ථාවේ සොයාගෙන ඇත්තේ කොටි වත්කම ඩොලර් බිලියන 2 ක් බවයි. මෙය ශී‍්‍ර ලංකාවේ මුදලින් රුපියල් බිලියන 400 කට සමානය. කැනඩාවේ ටොරොන්ටෝ නුවර හිටපු පූජකයකු වූ අයිසර් කන්දසාමි නමැත්තා ළඟ තිබූ රහස් ලියවිලි වලින් මේ තොරතුරු හෙළිවී ඇත.

මේ රහස් තොරතුරුවලින් හෙළිවී ඇත්තේ කොටි පරාජය වුවත් කොටි ජාත්‍යන්තර ජාලය එලෙසම කි‍්‍රයාත්මක වන බවයි. කොටි පැරදී මැයි 19 දාට වසර 11 ක් සපිරුනත් ඉන්ධන පිරවුම්හල්, සුපිරි වෙළෙඳසල්, දේපළ වෙළෙඳාම් වාහන අලෙවි සමාගම් ඇතුළු කොටි ආයතන 200 ක් එලෙසම කි‍්‍රයාත්මක වන බවයි.

මෙම කොටි ආයතන තවදුරටත් මෙහෙයවන්නේ හිටපු කොටි බව තහවුරු වී ඇත.

මෙලෙස කොටි ඩයස්පෝරාව ගැන අලූත් තොරතුරු අනාවරණය අවස්ථාවේ එම ඩයස්පෝරාවේ කි‍්‍රයාකාරීන් කිසිවෙක් කොරෝනා වසංගතයට ගොදුරු වී නැත.

බි‍්‍රතාන්‍ය හා ප‍්‍රංශයේ කොටි ඩයස්පෝරා කි‍්‍රයාකාරීන් 32 ක් මේ වන විට කොරෝනා වසංගතයෙන් මරුමුවට පත් වී ඇත. ඒ අතර ප‍්‍රංශය් ටැමිල් ටෙලිවිෂන් නෙට්වර්ක් නමැති කොටි රූපවාහිනියේ ප‍්‍රධානියා වූ අම්බලවානර් ද කොරෝනාවට ගොදුරුවී තිබේ. එහෙත් කොරෝනා වසංගතය නොතකා කොටි ඩයස්පෝරාව සහ ඊට සම්බන්ධ ආයතන ශී‍්‍ර ලංකාවට එරෙහිව ජාත්‍යන්තරය උසිගැන්වීමේ යෙදී සිටිති.

එහෙත් සංවිධාන 41 කින් යුත් කොටි ඩයස්පෝරාව කොරෝනා වසංගතය මර්දනය කිරීම සඳහා උතුරේ ජනතාවට සහය දක්වා නැත. ඒ වෙනුවට ඔවුන්ගේ ඉලක්කය වී ඇත්තේ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ප‍්‍රමුඛ කාර්ය සාධක බළකායයි.

මේ සඳහා මැතිවරණ කොමිසමේ සාමාජික රත්නජීවන් නමැත්තාද සම්බන්ධ වී ඇත. ඔහු ප‍්‍රකාශයක් නිකුත් කරමින් කොරෝනා මර්දනයට පත්කර ඇත්තේ යුද අපරාධ චෝදනා ලත් ශවේන්ද්‍ර සිල්වා බව කියා සිටියි.

කොරෝනා මර්දනය සඳහා ජනපති විසින් පත්කර ඇති විශේෂ කාර්ය සාධක බළකායේ මෙහෙයුම කඩාකප්පල් කිරීම සඳහා ද මේ වන විට තවත් මෙහෙයුමක් දියත් වී ඇත. ඒ මේ විශේෂ කාර්ය සාධක බළකාය පත්කර ඇත්තේ කොරෝනා මර්දනයට නොව මෙරට මුස්ලිම් ජනතාව මර්දනය කිරීමට බව යැයි ජාත්‍යන්තර ප‍්‍රජාව වෙත පෙත්සම් යැවීමේ මෙහෙයුමකි.

රාජ්‍ය නොවන සංවිධාන කි‍්‍රයාකාරීන් 164 ක් සහ සංවිධාන 17 ක් එම දීන කි‍්‍රයාදාමයට සම්බන්ධ වී සිටී.

බුද්ධි අංශ ආරංචි මාර්ග දක්වන අන්දමට මේ රාජ්‍ය නොවන සංවිධාන කි‍්‍රයාකාරීන්ගේ නාම ලේඛනයේ දක්වා ඇති නම් රැසක් ව්‍යාජ බව වාර්තා වී ඇත.

උතුරේ සංවිධාන කීපයක නම් ද එම ලේඛනයේ ඇතත් එවන් සංවිධාන බොරු ඒවා බවද හෙළිවී තිබේ.

මේ පෙත්සම්කරුවෝ එක්සත් ජාතීන්ගේ සංවිධානයට සහ ජිනීවා මානව හිමිකම් කවුන්සලය වෙතද හමුදාපති ප‍්‍රමුඛ කොරෝනා මර්දන කාර්ය සාධක බළකායට එරෙහිව පෙත්සම් යවා තිබේ.

මේ අතර කොරෝනා මර්දන මෙහෙයුමින් හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ප‍්‍රමුඛ හමුදා නිලධාරීන් සහ විශේෂ කාර්ය සාධක බළකාය ඉවත් කර සිවිල් පරිපාලන නිලධාරීන් පිරිසකට පවරන ලෙස එක්සත් ජාතීන්ගේ හිටපු නිලධාරිනි යස්මින් සුකා කළ ඉල්ලීම ජනපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා එකහෙළාම ප‍්‍රතික්‍ෂේප කර ඇත.

ඇගේ මෙම ඉල්ලීමේ යටි අරමුණ වූයේ සිවිල් පරිපාලන නිලධාරීන් කොරෝනා මර්දනයට යෙදවීමෙන් ආසාදනය වූවන් ව්‍යාප්ත කිරීම බව ආරංචි මාර්ග දක්වා ඇත.

හමුදාව සහ බුද්ධි අංශ එක් වී කොරෝනා ආසාදිතයන් සොයා ගැනීම සාර්ථකව සිදුකර ඇති අතර එය කඩාකප්පල් කිරීම යස්මින් සුකාගේ අරමුණ වී තිබේ.

ඇමරිකාවේ සිට කි‍්‍රයාත්මක වන පර්ල් සහ යාපනයේ ස්ථානගත කර ඇති අඩයාලම් සංවිධානය ද මේ කඩාකප්පල්කාරී වැඩපිළිවෙළට සම්බන්ධ වී ඇත.

මෙවන් පසුබිමක් මැද කොළඹ, කටුනායක, කොළොන්නාව සහ වව්නියා යන ස්ථානවලට ස්ලින් යානාවලින් බෝම්බ හෙලූ නියමුවන් දෙදෙනා කැනඩා පුරවැසියන් බව වසර 11 කට පසු තහවුරු විය. මෙතෙක් එම තොරතුරු වසන් වී තිබිණි.

මේ කොටි බෝම්බකරුවන්ගේ ඥාතීන් සිටින්නේ ටොරොන්ටෝ නුවර බව තහවුරු වී ඇත.2009 දී කොටි පැරදීමෙන් පසු 2020 දක්වා මේ තොරතුරු වසන් කිරීමට කැනඩා රජය කි‍්‍රයාකර තිබිණි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.