May
13
රාජිතගේ ඇප කැන්සල් කෙරේ. වහාම ජම්පර් !
හිටපු සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබා දුන් නියෝගය කොළඹ මහාධිකරණ විසින් අවලුංගු කර ඇත.
මහාධිකරන විනිසුරු මංජුල තිලකරත්න මහතා විසින් අද දිනයේ මෙම ඇප නියෝගය අවලංගු කරන ලද්දේ අදාළ ඇප නියෝගය දෝෂ සහිත බව ප්‍රකාශ කරමිනි.
ඒ අනුව හිටපු අමාත්‍යවරයා සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා දෙස විනිසුරුවරයා විසින් නියෝග කර ඇත.
රාජිත සේනාරත්න හිටපු ඇමතිවරයාට ඇප ලබාදීම සඳහා දුන් නියෝගය බල රහිත කරන්නැයි ඉල්ලමින් නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ ප්‍රතිශෝධිත අද කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කර ඇත.
රාජිත සේනාරත්න හිටපු අමාත්‍යවරයා ආන්දෝලනාත්මක සුදුවෑන් මාධ්‍ය හමුව සම්බන්ධයෙන් වූ චෝදනාවකට නීතිපතිවරයාගේ විරෝධය නොතකා ඇප ලබාදෙනු ලැබුවේ දෙසැම්බර් මස 30 වෙනිදායි.