May
13
ජාතියේ මුර දේවතාවා ජනපතියි - දොඩම්පහල රාහුල හිමි
ලෝකයම මර බියට පත්කළ රුදුරු කොරෝනා වසංගතයෙන් ශ්‍රී ලංකාව ගලවා ගත් ජාතියේ මුර දේවතාවා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බව පූජ්‍ය දොඩම්පහල රාහුල හිමියන් සදහන් කරති.
රණ විරුවන් සුව විරුවන්ද මෙම සටනේ යෙදුනද ජනාධිපතිවරයාගේ සුවිශේෂී මෙහෙයුම කිසිදිනක අමතක නොකරන්න තමන් ලක්වාසි ජනතාවගෙන් ඉල්ලා සිටින බවද උන් වහන්සේ පැවසූහ.
අද ජනාධිපතිතුමා එම තනතුරට ඉතාම සුදුසු බව මනා සේ ඔප්පු කර ඇති බවත් දැනට මාස කිහිපයකට මෙරට සංඝයා වහන්සේලා මහත් පරිශ්‍රමයක් දරා ඔහු ජනාධිපති කරවීමේ ප්‍රතිඵල රටට ලැබෙමින් ඇති බවත් උන්වහන්සේ සඳහන් කළහ.
මෙරට සියළු රාජ්‍ය යාන්ත්‍රණය නිසි පරිදි කළමනාකරණය කරමින් කොරෝනා වසංගතයෙන් බිය පත්ව තිබූ රට බේරා ගැනීමට ජනාධිපතිවරයා කටයුතු කළ බවද උන්වහන්සේ පැවසූහ.
පැවැති යහපාලන ආණ්ඩුව පැවැති තිබියදී කොරෝනා වෛරසය පැමිණියේ නම් බාගෙට බාගයක් මිය යනු ඇතැයි ද උන්වහන්සේ කියා සිටියහ.
මාධ්‍යවේදී චමුදිත සමරවික‍්‍රම සමගින් අන්තර්ජාල නාලිකාවක් ඔස්සේ සාකච්චාවකට එක්වෙමින් හිමියන් මෙම අදහස් පල කලහ.
ඇමරිකාවේ හිටපු ජනාධිපති බරක් ඔබාමා සිටියේ නම් ඇමරිකානුවන්ට අද මේසා විනාශයක් සිදු නොවනු ඇතැයි ට‍්‍රම්ප් නම් උද්දච්ච ව්‍යාපාරිකයකු පැමිණ මෙතරම් විනාශයක් ඇමරිකාවට සිදුව ඇති බවත් ඒ හේතුවෙන් ඇමරිකාව විනාශ වී ගිය බවත් උන් වහන්සේ පැවසූහ.