May
13
ගමේ යන්න බැරුව කොළඹ හිරවෙලා හිටපු අපේ මිනිස්සු
පවතින කොරෝනා රෝග වසංගතය පාලනය සදහා පනවනු ලැබූ ඇදිරිනීතිය හේතුවෙන් තමන් ස්ථීරව පදිංචි ගම් බිම් වෙත යා නොහැකිව ගම්පහ පොලිස් කොට්ඨාසයේ පොලිස් වසම්වල පුරා මාසයකට අධික කාලයක් රැදී සිටි 2000 කට ආසන්න ජනතාවක් ඇත.
ඔවුන් අද දින (13) බස්නාහිර පළාත් ආන්ඩුකාර කාර්යාලයේ අධීක්ෂණයෙන් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා පොලිසියේ මෙහෙයවීමෙන් සිදුකෙරෙන විශේෂ වැඩසටහන යටතේ සිය ගම්බිම් බලා පිටත්ව ගිය අවස්ථාව.
මෙම පිරිස මූලික වෛද්‍ය පරීක්ෂණයකින් පසු පොලිස් ආරක්ෂාව මධ්‍යයේ ලංගම බස් රථ මගින් දිස්ත්‍රික්ක 24 වෙත ප්‍රවාහනය කිරීමට කටයුතු සලසන ලදී.