May
31
කොරෝනා ආසාදිතයෙක් හොරණින්.. වෙලදසැල් ගණනාවක් සීල් තියයි..
හොරණ කඳන ප්‍රදේශයේ පදිංචිව සිටින යුද හමුදා සෙබලෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.
ඒ සමඟම හොරණ නගරයේ වෙළඳසැල් කිහිපයක් වසා දමා තිබේ.
හොරණ ප්‍රධාන වෛද්‍ය නිලධාරී චානක මල්ලිකාරච්චි මහතා සඳහන් කරන්නේ හොරණ නගරයේ පිහිටි ප්‍රධාන වෙසලසැල් හතරක් මුද්‍රා තබා එහි සේවක සේවිකාවන් 26 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමුකර ඇති බවයි.
අදාළ හමුදා නිලධාරීයා කටුනායක ගුවන්තොටුපොළේ රාජකාරි සඳහා අනුයුක්ත කර සිටි අයෙකි.
මෙරටට පැමිණි විදේශීය ශ්‍රමිකයන් හැසිරවීමට මෙම හමුදා නිලධාරියා මැදිහත් වී ඇති අතර එහිදී ඔහුට වෛරසය ආසාදනය වී ඇතැයි සැලකෙයි.
කෙසේ නමුත් ඔහු ඉහත ස්ථානවලට පැමිණීමේ දී සෞඛ්‍ය ආරක්ෂිතව කටයුතු කර ඇති බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වරයා කියා සිටී.
එම සෙබලාගේ බිරිද දරුවා ඇතුළු පවුලේ සියළු දෙනා නිරෝධායනයට යොමු කර ඇත.