May 31

වාලච්වේන කර්මාන්ත ශාලාවේ නිපදවීම අරඹයි !


වාලච්චේන පිහිටි ජාතික කඩදාසි සමාගම මගින් නිපදවන කඩදාසි මෙරට සිසු දරුවන් සහ රාජ්‍ය සේවකයන් පරිහරණය කරන දිනය වැඩි ඈතක නොවන බව කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

30 දිනයේ වාලච්චේන කඩදාසි කර්මාන්ත ශාලාවේ ප‍්‍රධාන කඩදාසි නිෂ්පාදන යන්ත‍්‍රය පණගන්වා එමගින් ‘පරීක්ෂණ කඩදාසි නිෂ්පාදනය ’ එළිදැක්වීම නිරීක්ෂණයෙන් අනතුරුව ඒ මහතා මාධ්‍ය හමුවකට එකිවෙමින් මෙසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේද සදහන් කළේය.

‘1956 දී නැගෙනහිර ජර්මනියේ පරිත්‍යාගයක් ලෙස ලැබුණු මෙරට අමිල ජාතික සම්පතක් වූ ජාතික කඩදාසි සංස්ථාව මීට ඉහත දී ඉතා අවාසනාවන්ත ලෙස වැසී යාමට සලස්වා තිබුණා. ඒ වගේම පසුගිය ආණ්ඩුවේ කර්මාන්ත අමාත්‍යවරයා වූ රිෂාඞ් බදියුදීන් කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කරමින් මෙම ජාතික සම්පත ඈවර කිරීමට කටයුතු යොදා තිබුණා. එමගින් මෙම කඩදාසි කර්මාන්ත ශාලාව සතු යන්ත‍්‍ර සූත‍්‍ර අබලි ද්‍රව්‍ය ලෙස සලකා යකඩ වශයෙන් විකුණා දැමීමටත් ඉඩකඩ ලබා ගෙන තිබුණා.

එවැනි තත්වයක් යටතේ තිබුණු මෙම කර්මාන්ත ශාලාවට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය අනුව යමින් යළි පණ දිය යුතු බව අප තීරණය කරනු ලැබුවා. අපි මේ වසරේ ජනවාරි 15 වැනිදා පළමුවරට මෙම කර්මාන්ත ශාලාව නිරීක්ෂණයට පැමිණි අවස්ථාවේ ඊට යළි පණ දිය හැකි යැයි සිතෙන තත්වයක් තිබුණේ නැහැ. නමුත් අපි ජාතික කඩදාසි සමාගමට පත් කරනු ලැබූ සභාපතිවරයා වූ විමල් රූපසිංහ මහතා ඇතුඵ අධ්‍යක්ෂ මණ්ඩලයේත්, දේශීය හා විදේශීය ඉංජිනේරුවන් කිිහිප දෙනෙකුගේත්, නාවික හමුදාවේ ඉංජිනේරු බලකායේ හා යුද හමුදාවේත් සුවිශාල දායකත්වය සමග අද වන විට මෙම කර්මාන්ත ශාලාවේ කඩදාසි නිපදවන ප‍්‍රධාන යන්ත‍්‍රය යළි පණ ගැන්වීමට හා එමගින් පරීක්ෂණ මට්ටමින් කඩදාසි නිෂ්පාදනය කිරීමටත් හැකියාව ලැබී තිබෙනවා. යන්ත‍්‍රයේ පවතින ඉතා සුඵ අඩුපාඩුකම් මග හරවා ගනිමින් 60 – 200 ජී එස් එම් අගයන්ගෙන් යුත් වාණිජ මට්ටමේ කඩදාසි හා බෝඞ් නිෂ්පාදනය කිරීමට අපට නුදුරේම හැකියාව ලැබේවි.

මහ මැතිවරණයෙන් පසුව එම ප‍්‍රධාන යන්ත‍්‍රය පමණක් නොවෙයි අනෙක් කඩදාසි නිෂ්පාදන යන්ත‍්‍රය ද පණ ගන්වා ගෙන මෙම කර්මාන්ත ශාලාව විවෘත කොට එමගින් පෙර පරිදි දේශීය වශයෙන් මෙම කර්මාන්ත ශාලාව නිපදවූ ‘ෆයිල් කවරය’ හා ‘ෆුල්ස්කැප් කොළය’ යළි මේ රටේ ජනතාව අතට පත් කිරීමට හැකිවේවි, කියන විශ්වාසය අපට තිබෙනවා.

ඒ වගේම මෙම කර්මාන්ත ශාලා පරිශ‍්‍රය සතු අක්කර 500ක භූම්භාගය බහුවිද සංවර්ධන ව්‍යාපෘති සහිතව සංවර්ධනය කිරීමට අදාළ කැබිනට් පත‍්‍රිකාවක් ද අප ඉදිරිපත් කරනු ලැබුවා. ඒ අනුව මහා භාණ්ඩාගාරයේ ඇපයක් සහිතව බැංකු මගින් ඉදිරියේදී රුපියල් මිලියන 800ක ණය මුදලක් මෙම ආයතනයට ලැබේවි. ඒ බහුවිද සංවර්ධන ව්‍යාපෘති ද ඇතුළත්ව සිදු කෙරෙන කටයුතු සමග අපට ඉදිරි වසර කිහිපය තුළ ජාතික කඩදාසි සමාගම ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීමට හැකි බවට වන විශ්වාසයක් ද අප සතුයි.

එසේම සූර්ය බලශක්ති පැනල මගින් මෙම කර්මාන්ත ශාලාවට අවශ්‍ය විදුලිය ලබා ගැනීමට අවශ්‍ය කටයුතු ද දැන් සැලසුම් කරමින් තිබෙනවා.

ඒ නිසා අපි ඉතාමත් විශ්වාසයෙන් කියනවා, ‘මර නින්දකට වැටි තිබුණු වාලච්චේන කඩදාසි කර්මාන්ත ශාලාව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ සහ මහින්ද රාජපක්ෂ අගමැතිතුමන්ගේ හා වත්මන් ආණ්ඩුවේ බලාපොරොත්තු ඉටු කරමින් නැවත පණ ගැන්වෙන දිනය වැඩි ඈතක නොවෙයි’ කියා. ඒ වගේම මෙම කඩදාසි කර්මාන්ත ශාලාවේ නිපදවන කඩදාසි පරිහරණය කරන්න අපේ රටේ දරුවන්ට හා රාජ්‍ය සේවයට ලැබෙන දිනයත් වැඩි ඈතක නොවෙයි. මර නින්දකට වැටී තිබූ මේ දැවැන්ත යන්ත‍්‍රය අද පණ ගැන්විලා තිබෙනවා, පමණක් නොවෙයි එමගින් කඩදාසි නිපදවෙමින් තිබෙන බව නිරීක්ෂණය කිරීමට අද අපට ලැබුණා. ඒ නිසා ඉදිරි ඉලක්ක ඉතා පැහැදිලිව අපට ජය ගත හැකියි.”

මෙම මාධ්‍ය හමුවට ජාතික කඩදාසි සමාගමේ සභාපති, විමල් රූපසිංහ, අමාත්‍ය උපදේශක සුදේශ් නන්දසිරි, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකා රුවනි සේනාරත්න, නාවික හමුදා ලූතිනන් ප‍්‍රියංක ජයසිරි යන මහත්ම මහත්මීහඅ ද එක්ව සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
මාධ්‍ය ලේකම්
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.