May 31

තොණ්ඩමන්ගේ අවමගුලට බස් දමා 5000ක් ගෙන්වන්න සැලසුම්…

200ට අඩු කරන්නැයි සෞඛ්‍ය අංශ දන්වයි..

අභාවප්‍රාප්ත අමාත්‍ය ආරුමුගන් තොණ්ඩමාන්ගේ අවසන් කටයුතු සෞඛ්‍යාරක්ෂිත නිර්දේශවලට අනුකූලව 200 කගේ පමණ සහභාගිත්වයෙන් අද (31) සිදු කිරීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය අවමංගල උත්සව කමිටුව වෙත දැනුම් දී තිබේ.

අවසන් කටයුතු නොර්වුඩ් මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. මෙම අවමංගල්‍යය උත්සවයට වතුකරයේ ජනතාව 5000 කගේ සහභාගිත්වයෙන් සිදු කිරීමට සැලසුම් කර තිබිණි. එමගින් කොවිඩ් -19 සෞඛ්‍ය නිර්දේශ උල්ලංඝනය වන බව පෙනී යාම නිසා 200 කගේ සහභාගිත්වයෙන් සෞඛය නිර්දේශ වලට යටත්ව සිදු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයාට දැනුම් දී ඇත.

අවසන් කටයුතු සඳහා වතුකරයේ ජනතාව බස් රථ යොදා ගනිමින් නෝර්වුඩ් මහජන ක්‍රීඩාංගණයට ගෙන්වීමටද ලංකා කම්කරු කොංග්‍රසය සැලසුම් කර තිබිණි. සෞඛ්‍ය නිර්දේශ අනුව සියල්ල සිදුවන්නේ දැයි පරීක්ෂාවට පොලිසිය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ද යෙදවීමට නියමිතය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.