Apr 10

රුහුණු සරසවි පර්යේෂකයන්ගේ ventilator යන්ත්‍රය සාර්ථක වේ


රුහුණ විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ පර්යේෂක කණ්ඩායමක් ශ්වසන ආධාරක යන්ත්‍රයක් (Ventilator machine) නිර්මාණය කිරීමට සමත්ව සිටී.රෝගීන් ට ප්‍රතිකාර කිරීම සදහා මෙම යන්ත්‍ර අත්‍යාවශ්‍ය වේ. නමුත් මෙය ආනයනය කිරීම සදහා අති විශාල මුදලක් වැය කිරීමට සිදු වන අතර අප රට තුලද ඇත්තේ යන්ත්‍ර ස්වල්ප ප්‍රමාණයක් බැවින් මෙවැනි වසංගත අවස්ථාවකදී ව් වෛද්‍යවරුන් හා රෝගීන් පත්වන අසීරුතාවය අතිමහත්. මෙම නව යන්ත්‍රය අප රට තුලම නිපදවීමට හැකි අතර ලොව පවතින උසස් තාක්ෂණය භාවිතා කරමින් නිර්මාණය කර ඇති බැවින් රෝගීන්ගේ ජීවිත ආරක්ෂා කර ගනිමින් සෞඛ්‍ය ආරක්ෂිතව ප්‍රතිකාර කිරීමේ හැකියාව පවතී.

දැනට VCV (Volume Controlled Ventilation) ආකාරයට මෙය සාර්ථකව අත්හදා බලා ඇති අතර PCV හා අනිකුත් ආකාර සිදු කිරීමට පර්‍යේෂණ ක්‍රියාත්මක වේ. මෙම යන්ත්‍රය සාර්ථකව අවසන් කිරීමෙන් පසු ආනයනය කරනු ලබන ශ්වසන ආධාරක යන්ත්‍ර මගින් සිදු කරනු ලබන සියලු ක්‍රියාකාරකම් මෙම යන්ත්‍රයටද සිදු කල හැකි වනු අතර තවත් නව අංග රාශියක් මෙයට ඇතුලත් කිරීමටද හැකියාව පවතිනවා. දින ගණනාවක් සිදු කරන ලද පර්යේෂණ හා අත්හදා බැලීම් රාශියකින් අනතුරුව මෙහි මුල් අනුරුව නිර්මාණය කිරීමට මෙම කණ්ඩායම සමත්ව සිටිනවා. මේ සියලු කටයුතු සිදු කරනු ලබන්නේ රුහුණ විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සම්පත් භාවිතා කරමින් වන අතර දැනට රට තුල උද්ගත වී ඇති තත්ත්වය හමුවේ විශාල කැප කිරීම් රාශියක් සිදු කිරීමට මොවුන්ට සිදු වී තිබෙනවා.

රුහුණු විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය උදයංග ගලප්පත්ති, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කුමාර ජයවික්‍රම, කථිකාචාර්ය වරුණ ප්‍රියංක,කථිකාචාර්ය ටෙනිස් රන්ජන් හා තෙවන වසර සිසුවෙකු වන උපේන්ද්‍ර ද සොයිසා මෙම කණ්ඩායමට ඇතුලත් වන අතර මෙම කථිකාචාර්යවරු සියලු දෙනාම රුහුණ විශ්වවිද්‍යාලයේම උපාධිධාරීන් වීම විශේෂත්වයකි.

එමෙන්ම විශ්‍රාමික වෛද්‍ය සුමිත් ආනන්ද මහතා හා කරාපිටිය රෝහලේ සේවයේ නියුතු වෛද්‍ය එල්. යූ. ත්‍රිමාවිතාන හා වෛද්‍ය ධනුශ්ක දේවප්‍රිය මහත්වරුන් මෙන්ම ආචාර්ය නිහාල් හේවගේ මහතා මේ සදහා දායකත්වය ලබා දී තිබෙනවා. ඉතාමත් නොබෝ දිනකින් මෙම යන්ත්‍ර රෝහල් තුල ප්‍රතිකාර කටයුතු සදහා යෙදවීමට මෙම පිරිස දැඩි පරිශ්‍රමයකින් යුතුව කටයුතු කරමින් සිටිනවා. මෙම ව්‍යාපෘතිය සදහා ජාතික විද්‍යා පදනම හා ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය දායකත්වය ලබා දෙන අතර මෙහි මූලික අදියර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත පසුගිය දා ඉදිරිපත් කරන ලද අතර එතුමා විසින් මේ සදහා අවශ්‍ය සියලු පහසුකම් සලසා දීමට කැමැත්ත පල කර සිටියා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.