Apr
11
මෙරට මහා මාර්ගවල ගමන් කරන සියලු පුද්ගලයන්ට මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය කර තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලය සේනාවක් මහතා මේ බව සදහන් කලේය.
මේ සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට පොලිස්පතිවරයා විසින් සියළු පොලිස් ස්ථානවලට දැනුම් දී ඇතැයිද ඔහු පැවසීය.
ඒ අනුව ඇඳිරි නීතිය වෙලාවේදීද මහා මාර්ගයේ ගමන් කරන සියලු අවසර ලද පුද්ගලයන් මුඛ ආවරණ පැළඳිය යුතු බව බව ඔහු කියා සිටියේය.
කෙසේ වෙතත් මීට පෙර සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා සදහන් කරන ලද්දේ කොරෝනා වෛරසය සමාජමය වශයෙන් පැතිරීමක් නැති නිසා මුඛ ආවරණ පැලදීමේ උවමනාවක් නැති බවයි.