Apr 06

කොරෝනා මඩින්න ශ‍්‍රී ලංකා තේ ලොව පුරා..!


කොවිඩ් - 19 වෛරසය වැළැක්වීමේ සුවතා පානයක් ලෙස ශ්‍රී ලංකාවේ ‘කළු තේ’ සිලෝන් ටී නාමය යටතේ ගෝලීයව ප්‍රවර්ධනය කිරීමේ සැලසුමක් ශ්‍රී ලංකා තේ මණ්ඩලය විසින් සකස් කර ඇත.

වෛරසය හේතුවෙන් අර්බුදයට ලක්ව ඇති ශ්‍රී ලංකාවේ ආර්ථිකයට අවශ්‍ය අතිරේක විදේශ විනිමය ගෙන ඒමේ සැලසුමක් ලෙස මෙම උපාය මාර්ගය යෝජනා වී තිබේ.

ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති ජයම්පති මොල්ලිගොඩ පවසන්නේ කළු තේවල අඩංගු ප්‍රතිඔක්සිකාරක පොලිෆෙනෝල් නම් රසායනිකය ඔස්සේ මිනිස් සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩදියුණු කෙරෙන බව විද්‍යාත්මකව ඔප්පු කර ඇති බවත් එය කොවිඩ් – 19 වෛරසයට එරෙහිව උපයෝගි කර ගත හැකි බවත්ය.

ඒ අනුව ඉහළ මට්ටමේ කොන්දේසිවලට යටත්ව රසායනික පළිබෝධනාශක අත්‍යවශ්‍ය ලෙස භාවිත නොකරමින් නිපදවන ශ්‍රී ලංකාවේ කළු තේ මේ මොහොතේ ගෝලීය සුවතා පානයක් ලෙස ප්‍රවර්ධනය කිරීම කාලෝචිත බවද සභාපතිවරයා වැඩිදුරටත් පවසයි.

Source - Aruna
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.