Apr
06
චීනයේ වූහාන් හි රසායනාගාරයක් නිර්මාණය කිරීමට දායකත්වය දැක්වූ ඇමරිකාවේ හාවඩ් සරසවියේ රසායන හා ජීව විද්‍යා අංශයන්හි ප්‍රධාන විද්‍යාඥවරයා වන 60 හැවිරිදි චාල්ස් ලීබර් ඇමරිකානු ආරක්ෂක අංශ මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
වූහාන් හි සරසවියක් සමඟ තම සේවය ලබාදීමට එකඟ වී මාසිකව ඇ.ඩො. 58,000ක වැටුපක් ඔහු ලබාගෙන ඇතැයි අනාවරණය වී ඇති අතර, ඊට අමතරව ඔහුට මාසිකව ඩොලර් 158,000ක ජීවන වියදම් දීමනාවක් ගෙවා ඇතැයිද ඇමරිකානු ආරක්ෂක අංශ මේ වනවිට අනාවරණය කරගෙන ඇත.
මේ පිළිබඳ තොරතුරු ඇමරිකානු බුද්ධි අංශ වෙත වසන් කරමින් දිගටම තම සේවය වූහාන් සරසවිය වෙත ලබාදීම මත ඔහුව අත්අඩංගුවට ගෙන පරීක්ෂණ පවත්වන බව ඇමරිකානු ආරක්ෂක අංශ තවදුරටත් පවසයි.
Source - මව්බිම