Apr
15
කුණු කන්දේ විපතින් මිය ගිය ගණන 16ක් දක්වා ඉහලට (photos)
කුණු කන්දට යටවී තවත් පිරිස්
කොටස් පෙනේ තවම නිශ්චිත ගණනක් නෑ
ජාතික රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, අවුරුදු 12, 15, 14, සහ 11 යන වයස් වල පසුවන කුඩා දරුවන් සිව්දෙනෙකු මිය ගිය අය අතර වන බව ය.
අනතුරින් තුවාල ලැබූ සංඛ්‍යාව 22කි.
මීතොටමුල්ල කුණු කන්දේ කොටසක් කඩා වැටීමෙන් පවුල් 180 කට අයත් පුද්ගලයින් 625 දෙනෙකු අවතැන් වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිිලි මහතා පවසයි.
ඔවුන් කොළොන්නාව ටෙරන්ස් ද සිල්වා විද්‍යාලයේ සහ අවට ප්‍රජා ශාලා කිහිපයක රඳවා ඇති බව කොඩිප්පිලි මහතා සඳහන් කළේ ය.
සිද්ධියෙන් නිවාස 145කට පමණ අලාභහානි සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේ ය.
නාගහමුල්ල, නිල්ගේවත්ත, දහම් මාවත සහ 23 වත්ත යන ප්‍රදේශවල නිවාසවලට එලෙස හානි වී තිබේ.
ඊයේ පස්වරුවේ සිද්ධිය වාර්තාවීමත් සමග පොලීසිය, ත්‍රිවිධ හමුදාව සහ සහන කණ්ඩායම් එක්ව සුන්බුන් අතර සිරවූවන් මුදා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කළේ ය.
ඒ සඳහා සහකාර පොලිස් අධිකාරීවරුන් සිව්දෙනෙකුගේ අධීක්ෂණය යටතේ ත්‍රිවිධ හමුදා සාමාජිකයින් 500 ගෙන් සැදුම්ලත් කණ්ඩායම් 4ක් යොදවා ඇති බව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න මහතා පවසයි.
අවශ්‍යතාව පරිදි යෙදවීම සඳහා බෙල් 212 වර්ගයේ ගුවන් යානයක් රත්මලාන ගුවන් හමුදා කඳවුරේ සූදානම් කර ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක, ගෘප් කැප්ටන් ගිහාන් සෙනවිරත්න මහතා සඳහන් කළේ ය.
මේ අතර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූවිද්‍යා අංශයේ 10 දෙනෙකුගෙන් යුත් විශේෂඥ කණ්ඩායමක් කැඳවීමට පියවර ගෙන තිබේ.
පතල් හා කැණීම් අංශයේ නිලධාරීන් කණ්ඩායමක් හා පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු සඳහා අධිකරණ වෛද්‍ය නිලධාරීන් කණ්ඩායමක් ද කැඳවා තිබේ.
ඒ මොහොතේ සිටි පිරිස කොතෙක්දැයි මෙතෙක් නිවැරදිව වාර්තා නොවෙයි.
ප‍්‍රදේශවාසීන් පවසන්නේ ඒ මොහොතේ එම නිවාසයන්හි සිටි පිරිස තවමත් කුණු කන්ද යට සිරවී සිටිනු ඇති බවයි. සිරවී සිටින ඇතැමුන්ගේ ශරීර කොටස් පෙනෙන නමුත් ඒ වෙත ළගා වීමට අපහසු යයිද ඔවුන් කියති.
මේ සම්බන්දයෙන් තොරතුරු එක් කිරීමට රජය විසින් මේ වන විට තොරතුරු මධ්‍යස්ථානයක්ද ආරම්භ කර ඇත.
පොලීසිය සඳහන් කළේ අපරාධ ස්ථාන පරික්ෂණ නිලධාරීන් කණ්ඩායමක් මේ වන විට විමර්ශන කටයුතු සිදු කරන බව ය.