Apr
16
මීතොටමුල්ල කුණු කන්ද දශක තුනක කතාවක් මෙන්න
මීතොටමුල්ල කුණු කන්දේ සිදු වූ නාය යෑමට හසු වී මරණයට පත් සංඛ්‍යාව දහනවය දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා යුද හමුදාව පවසයි.
ශ්‍රී ලංකා යුද හමුදාව ඇතුළු සහන කණ්ඩායම් තවදුරටත් බේරා ගැනීමේ මෙහෙයුම්වල නිරත වී සිටිති.
යුද හමුදාවට අනුව මේවනවිට සොයාගනු ලැබ ඇති මරණ කරුවන්ගෙන් පස් දෙනකු දරුවන්ය.
"අද සවස තවත් මළ සිරුරු තුනක් සොයා ගත්තා" යයි සඳහන් කළ යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනවිරත්න අතුරුදහන් වී ඇති සංඛ්‍යාව පිළිබඳ මෙතෙක් නිසි වාර්තාවක් ලැබී නොමැති බවත් කියා සිටියේය.
තවත් පුද්ගලයන් විසි දෙනෙකුවත් සුන්බුන් අතර සිර වී සිටිය හැකි බව හදිසි ආපදා බලධාරීහු බීබීසීයට පැවසූහ.
නාය යෑමට පැය කීපයකට පෙර කුණු කන්දේ ගින්නක් හට ගෙන ඇති නමුත් ඒ අවට පදිංචිකරුවන් නිවාසවලින් ඉවත් නොවීම හේතුවෙන් මරණ සංඛ්‍යාව තවත් ඉහළ යාමට ඉඩකඩ ඇතිබව හදිසි ආපදා බලධාරීන් AFP පුවත් සේවයට පවසා තිබේ.
අඩි තුන්සීයක් උස මීතොටමුල්ල කුණු කන්ද නාය යෑමෙන් විනාශයට පත් නිවාස සංඛ්‍යාව අවම වශයෙන් හතළිහකි.
කුණු කන්ද හේතුවෙන් සෞඛ්‍ය ගැටලු පැන නැගී ඇති බවට මැසිවිලි නගන ප්‍රදේශවාසීහු එය වෙනත් ස්ථානයක් කරා රැගෙන යන ලෙස අවස්ථා ගණනාවකදීම බලධාරීන්ගෙන් ඉල්ලා සිටියහ.
වාර්තාවලට අනුව මීතොටමුල්ලට දිනකට බැහැර කරනු ලබන කසල ප්‍රමාණය ටොන් අටසීයකි.
මේ අතර මීතොටමුල්ලට තවදුරටත් කුණු බැහැර නොකරන බවත් ඒ සඳහා වෙනත් ස්ථාන දෙකක් හඳුනාගෙන ඇති බවත් නිවේදනයක් නිකුත් කරමින් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා පැවසීය.
මීතොටමුල්ලට කසල බැහැර කිරීම ආරම්භ වන්නේ 2008 වසරේ දී කොළඹ 'බ්ලූමැන්ඩල්' කුණු කන්දට කසල බැහැර කිරීම නවතා දැමීමත් සමගය.
මීතොටමුල්ල කුණු කන්ද හා සම්බන්ධ සමාජීය ගැටලු පිළිබඳ දීර්ඝ කාලයක සිට වාර්තාකරණයේ යෙදෙන මාධ්‍යවේදී කසුන් පුස්සෙවෙල බීබීසී සිංහල සේවයට කියා සිටියේ කුණු කන්ද පිහිටි භූමිය පැරණි කුඹුරක් බවය.
"ගම්වාසීන්ට අනුව 1989 වසර වනතෙක් පොතුවිල් කුඹුර ලෙස හඳුන්වපු කුඹුරු යායක් මෙතෙන තිබිලා තියෙන්නේ. නමුත් එම වසරේ කොළඹ නගරයට ආපු විශාල ගංවතුරෙන් මේ කුඹුරු යාය විනාශ වී තිබෙනවා" යනුවෙන් ඔහු කියා සිටියේය.
"ඒ කාලේදී තමයි මුල්ලේරියාව නගර සභාව විසින් මේ කුඹුර ගොඩ කරලා කොලොන්නාව කොටිකාවත්ත මුල්ලේරියාව නගර සභා සහ ප්‍රාදේශීය සභා තුනට අදාළ කසල බැහැර කිරීම ආරම්භ වෙන්නේ"
එවකට එම බල ප්‍රදේශවලට අයත් කැළිකසල පමණක් මීතොටමුල්ලට බැහැර කළ බව කී මාධ්‍යවේදී කසුන් පුස්සෙවෙල කුණු තට්ටු මත පස් තට්ටු අතුරමින් එවකට කසල ගොඩ කිරීම් සිදු වූ බව කියා සිටියේය.
මාධ්‍යවේදී කසුන් පුස්සෙවෙල පවසන ආකාරයට ආරම්භයේ අක්කර දෙකක් පමණ වූ මීතොටමුල්ල කුණු කන්ද අද වනවිට අක්‌කර විස්සක් පමණ දක්වා වූ භූමි ප්‍රදේශයක පැතිර තිබේ.
ග්‍රාම සේවා වසම් අටකට අයත් මීතොටමුල්ල කුණු කන්ද අවට තිස්දහසකට ආසන්න පිරිසක් ජීවත්වන බවත් ඔහු කියා සිටියේය.
මීතොටමුල්ලට කුණු නොදමන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය පාලන සමයේ නියෝගයක් දුන් නමුත් එවකට සිටි බලධාරීන් එම අධිකරණ නියෝගය නොතකා දිගටම කුණු බැහැර කළ බවත් මාධ්‍යවේදී කසුන් පුස්සෙවෙල වැඩිදුරටත් කියා සිටියේය.
මුලාශ්‍ර - බී.බී.සි