Apr
15
මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටීමෙන් මියගිය ගණන 10 දක්වා ඉහළට (video)
කොලොන්නාව, මීතොටමුල්ල කුණු කන්දේ කොටසක් කඩා වැටීමෙන් මියගිය ගණන 10 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
කොළඹ ජාතික රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ අවුරුදු 12, 15, 14, සහ 11 යන වයස් වල පසුවන කුඩා දරුවන් සිව්දෙනෙකු ද ඊට අයත් බව ය.
තුවාල ලැබු 12 දෙනෙකු ජාතික රෝහලට ඇතුළත් කෙරුණු අතර ඉන් 5 දෙනෙකු ප්‍රතිකාර ලබා පිටව ගොස් තිබේ.
නේවාසිකව ප්‍රතිකාර ලබන පුද්ගලයින් 7 දෙනාගෙන් කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ප්‍රකාශකයකු සඳහන් කළේය.
මීතොටමුල්ල කුණු කන්දේ කොටසක් කඩාවැටීමේ සිද්ධියෙන් පුද්ගලයින් 180 දෙනෙකු පීඩාවට පත්ව තිබේ.
ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන මහතා පැවසුවේ ප්‍රදේශයේ විහාරස්ථානයක ඔවුන් රඳවා ඇති බව ය.
සිද්ධියෙන් විපතට පත්වූවන්ට මුදවා ගැනීම සඳහා කඩිනමින් වහාම පියවර ගන්නැයි ජනාධිපතිතුමා තමුන්ට උපදෙස් ලබාදුන් බව ද ආපදා කළමනාකරණ අමාත්‍යවරයා පවසයි.
සුන්බුන් අතර සිරවී සිටින පුද්ගලයින් බේරා ගැනීම සඳහා ත්‍රිවිධ හමුදා සාමාජිකයින් 300 ත් 400 ත් අතර පිරිසක් යොදවා ඇතැයි හමුදා ප්‍රකාශක, බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න මහතා සඳහන් කළේය.
සිද්ධියෙන් විපතට පත්වුවන් පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා මීතොටමුල්ල මිහිඳු විද්‍යාලයේ තොරතුරු මධ්‍යස්ථානයක් පිහිටුවා ඇති බව ද හමුදා ප්‍රකාශකවරයා සඳහන් කළේය.
ආපදාවට ලක්වූ පුද්ගලයින් මුදාගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය.
නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති කාර්යාලය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ එම ස්ථානය නැරඹිට පැමිණිමෙන් වළකින ලෙස ය.
එය මෙහෙයුම්වලට බාධාවක් බව ද ජනාධිපති කාර්යාලය නිවේදනය කළේය.
මේ අතර මීතොටමුල්ල කුණු කන්ද අවට නිවාස 15 ක ජනතාවට එම ස්ථානයෙන් ඉවත් වන ලෙස මීට සතියකට පමණ පෙර දැනුම් දී තිබූ බව කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් සුගත් සිසිර කුමාර මහතා පවසයි.
තවද මීතොටමුල්ලේ කුණු කන්ද කඩා වැටීමෙන් පසු එම ස්ථානයේ කාර්යන් සදහා යොදවා තිබූ බැකෝ යන්ත‍්‍ර දෙකකට කෝපයට පත් ප‍්‍රදේශවාසීන් ගිනි තබා තිබේ.
සිද්ධිය වූ ස්ථානයට ගිය ඇමති ඒ.එච්.එම්. ෆවුසි මෙන්ම ප‍්‍රාදේශීය දේශපාලඥයින් කිහිප දෙනෙකුටම ජනතාව විසින් බැණ වැදී පන්නා දමා ඇත.
ඔවුන් චෝදනා කරන්නේ තම ඥාතීන් පණ ඇතිව හෝ නැතිව මෙම කුණු කන්දට යටවී සිටින බවයි.