Feb
16
පාපන්දුවට දිගටම ඔළුවෙන් ගැහුවොත් මොළයට හානි!

කාඩිෆ් විශ්ව විද්‍යාලයේ හා University College London හි පර්යේෂකයන් විසින් වෘත්තිමය පාපන්දු ක්‍රීඩකයන් පස්දෙනෙකුගේ හා වෘත්තිමය නොවන මට්ටමේ පාපන්දු ක්‍රීඩා කළ පුද්ගලයෙකුගේ මොළ පරීක්ෂා කර තිබේ.
වසර 26ක් පමණ පුරාවට පාපන්දු ක්‍රීඩාවේ නියැලී ඇති ඔවුන් සියළුම දෙනා ගේ වයස 60ට වැඩි වීමෙන් අනතුරුව ඩිමෙන්ෂියා රෝගයට ගොදුරු වී තිබේ.
මරණ පරීක්ෂණ සිදුකරන විටදී විද්‍යාඥයන් හට දැකගත හැකි වූයේ ඔවුන් සිවුදෙනෙකු ම chronic traumatic encephalopathy (CTE) නම් මොළයේ ආබාධ තත්ත්වයකට ලක්ව ඇති අයුරුය. මතකය අහිමිවීම, ඩිමෙන්ෂියා හා විෂාදය යන රෝග තත්ත්වයන්ට CTE සම්බන්ධයක් ඇතැයි පැවසේ.
පාපන්දු ක්‍රීඩාව සහ මොළයේ ආබාධ අතර පැවතිය හැකි සම්බන්ධය පිළිබඳ සිය අනුග්‍රහයෙන් මේ වසරේ මැයි මාසයේ පර්යේෂණයක් ආරම්භ කරන බව බ්‍රිතාන්‍ය පාපන්දු සම්මේලනය මේ අතර පවසයි.
බ්‍රිතාන්‍ය පාපන්දු සම්මේලනය ඒ බව කියා සිටියේ මොළයේ හටගත් කම්පනයක් හේතුවෙන් 2002 වසරේදී මරුමුවට පත් හිටපු එංගලන්ත පාපන්දු ක්‍රීඩකයකු වූ ජෙෆ් ඈශ්ලි ගේ පවුලේ සාමාජිකයන් ඒ සම්බන්ධයෙන් හඬ නැගීමෙන් අනතුරුවය.