Jan
22
ත්‍රිකුණාමල වරාය ඉන්දියාවට දෙනවා කියලා ෆොන්සේකා කිව්වෙ කාගෙ මතයද?

ත්‍රිකුණාමල වරාය සම්බන්ධයෙන් ඉන්දියාව හා ශ්‍රී ලංකාව යන දෙරට අතර මේ වනවිට සාකච්ඡා පැවැත්වෙන අතර ඉන්දියාවට ත්‍රිකුණාමල වරාය ලබාදීමට බලාපොරොත්තු වන බව අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කරන ලද බවද ඊඩඥ ඩ්ඪදඤභ පුවත්පත වාර්තා කරයි.
හින්දු පුවත්පතට ඇමැති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා මෙම ප්‍රකාශය කර ඇත්තේ වාර්ෂිකව ඉන්දියාවේ පැවැත්වෙන රායිසිනා කතිකාවට සහභාගි වීමට එහි ගොස් සිටියදීය.
ත්‍රිකුණාමල වරාය සම්බන්ධ කාරණයට කාලයක් ගතවුණේ අපක්‍ෂපාතී ස්ථාවරයක හිඳිමින් චීනය හා ඉන්දියාව යන දෙරටටම තම වරායන්ට ඇතුළුවීමට සමාන අවස්ථා ලබාදීමට ශ්‍රී ලංකාවට අවශ්‍ය වූ හෙයින් බවද ෆොන්සේකා මහතා සඳහන් කර තිබේ.
හම්බන්තොට වරායේ ප්‍රධාන යටිතල පහසුකම් චීනය මඟින් කළ අතර එමඟින් රටට විශාල බරක් පැටවී ඇති බවද ෆොන්සේකා මහතා සඳහන් කර ඇත.
කලාපීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා බදාදා රායිසිනා කතිකාවට සහභාගි වෙමින් ඉන්දියන් සාගරයේ චීනය රැඳීම සම්බන්ධයෙන් ඉන්දියාව දක්වන අවධානය අස්වැසීමට කටයුතු කළ බව ධ්දඤඪචද ඥයනපඥඵඵ පුවත්පතද දක්වා ඇත. නවදිල්ලි ආණ්ඩුවේ ආරක්‍ෂාව ඒ හේතුවෙන් අනතුරුදායක නොවන බව කොළඹ ආණ්ඩුව සහතික වන බවද ෆොන්සේකා මහතා සඳහන් කළ බවද එහි සඳහන් වේ.
ඉන්දියාව අපහසුතාවට ලක් කිරීමට ශ්‍රී ලංකාවට කිසිදු වුවමනාවක් නැති බවද ඇමැතිවරයා දක්වා ඇත. ඉන්දියාව හා චීනය අතර ඇති බල අරගලයෙන් ශ්‍රී ලංකාව අෑත්ව සිටින බවද අපක්‍ෂපාතී ස්ථාවරයක සිටින බවද සඳහන් කර ඇති ඇමැතිවරයා, "ඉන්දියාව සමඟ ඉහළම සම්බන්ධතාවක් තබා ගැනීමට අපට අවශ්‍යයි. ඒ අතර තුර චීනය සමඟ ඓතිහාසික සබඳතාවද පවත්වා ගන්නවා" යැයි සඳහන් කර ඇත.
ත්‍රිකුණාමල වරායේ සංවර්ධන කටයුතු චීනයට භාරදීමට සූදානම් වන බැවින් ඉන්දියාව කනස්සල්ලට පත්විය යුතු නැති බව ඇමැති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සඳහන් කර ඇත. චීන සබ්මැරීන හා නාවුක හමුදා නෞකා ශ්‍රී ලංකා මුහුදු සීමාවේ පැවතීම සම්බන්ධයෙන් ඉන්දියාවේ අවධානය යොමුවීම සරත් ෆොන්සේකා මහතා පිළිගෙන ඇත.
"ඔවුන්ට කලාපීය බලය ගැන සැලකිලිමත් වීමට අයිතියක් තියෙනවා. සමහර විට පුහුණුවීම් කටයුතු සඳහා අනෙකුත් හමුදාවන් සමඟ අපගේ ආරක්‍ෂක හමුදාවන්ට සන්නිවේදන කටයුතු කරන්න වෙනවා. මෙලෙස සබ්මැරීන් හා යුද නෞකා දැකීමට හැකිවන්නේ පුහුණු කාර්යයන් සඳහා මිස කිසිදු ආරක්‍ෂක ක්‍රියාකාරකමක් සඳහා නොවෙයි" යනුවෙන් ෆොන්සේකා මහතා පැහැදිලි කර දී තිබේ.
හම්බන්තොට වරාය සම්බන්ධයෙන් ඇතිවූ උද්ඝෝෂණ අතෘප්තියට පත්වූ දේශපාලන ක්‍රියාදාමයක් බව කියමින් ෆොන්සේකා මහතා ඒ පිළිබඳව සිය දෝෂාරෝපණයද එල්ල කළ බව ඉන්ඩියන් එක්ස්ප්‍රස් පුවත්පත සඳහන් කරයි.
- මව්බිම