Jan
22
රූපවාහිනි නාලිකාවල විකාශනය වන විවිධ ටෙලි නාට්‍ය අතුරින් ‘ සිදු’කියන්නේ අතිශය ජනාදරයට පත් නාට්‍යයක්. එහි සෝරත පොඩි හාමුදුරුවෝ සහ සරණ කියන සුරතල් බළලා අද අපේ රටේ ජනප්‍රිය චරිත. සරණ බළලා කොයි තරම් ජනප්‍රිය ද කිව්වොත් සෑම බළලකුම හඳුන්වන්නට බොහෝ දෙනෙක් විනෝදයට යොදාගන්නේත් ‘සරණ’කියන නමයි.
ටෙලි නාට්‍යයේ සරණ ඇතැම් අවස්ථාවල දුකින් බලා ඉන්නවා. සතුටින් ඉන්නවා. බොහෝ දෙනෙක් කියන්නේ “ මේ පූසාව හොඳට පුරුදු කරලා තියෙනවා නේ”කියලයි. අපි කවුරුත් දන්නවා සත්තුන්ව විවිධ දේවල්වලට පුරුදු පුහුණු කරන්න පුළුවන් බව. ලෝක සිනමාව දිහා බැලුවත් මේ බව පෙනෙනවා. කොහොම වුණත් සතුන් පුහුණුකරුවන් පවසන්නේ බළලුන් පුහුණු කිරීම ලේසි පාසු දෙයක් නොවන බවයි. සුනඛයන් එයට වවා පහසුවෙන් පුහුණු කිරීමේ හැකියාවක් තියෙනවා. එයට හේතුව සුනඛයන් බුද්ධිමත් බවින් බළලුන්ට වඩා බොහෝ ඉහළ තැනක සිටින නිසයි. සිනමා නිර්මාණවල වැඩි වශයෙන් සුනඛයන් දකින්නට මෙය ද එක හේතුවක්.
ඇතැම් අවස්ථාවල දී විශේෂ හැකියාවන්ගෙන් යුක්ත බළලුන් පිළිබඳ අසන්නට ලැබුණත් සමස්තයක් වශයෙන් ගත්තොත් සුනඛයන් තරම් පහසුවෙන් බළලුන් පුහුණු කරන්නට නොහැකි වගේම පුහුණු කළ හැක්කේත් ඉතා සුළු ක්‍රියාකාරකම් කිහිපයක් පමණයි.
බළලුන් මිනිස් වාසයට පැමිණියේ අදින් වසර 9,000කට පමණ පෙර. මිනිසා බළලුන්ගේ බලාපොරොත්තු වූයේ මීයන් ඇල්ලීම පමණයි. බළලුන්ට එයට වඩා වෙනත් විශේෂ හැකියාවන් කිසිවක් තිබුණේ ද නැහැ. නමුත් එයට සාපේක්ෂව සුනඛයන් හට ඔවුන්ට විශේෂ හැකියාවන් බොහොමයක් සහජයෙන් ම පිහිටා තිබුණා. විශේෂ පුහුණුවකින් තොරව වුණත් සුනඛයන්ට මිනිසුන් සමග බොහෝ අදහස් හුවමාරු කර ගැනීමේ හැකියාව පවතිනවා.
බළලුන් පුහුණු කළ හැකි වුවත්, ඔවුන්ට සුනඛයන්ට හිමි ස්ථානය ලබා දෙන්නට කෙසේවත් හැකියාවක් නැහැ. සතුන් පුහුණු කරන්වුන් පවසන්නේ බළලුන් යම් යම් දේ සිදුකරන්නේ ආහාර සඳහා පමණක් බවයි. අනෙක බළලුන්ට යම් යම් දේ පුරුදු පුහුණු කළත් ඔවුන් සෑම විටම සිය ස්වාමියාගේ අණට කීකරු වන්නේ නැති බවත් පැවසෙනවා. එනම් ඇතැම් ක්‍රියාවන් ඔවුන් සිදු කරන්නේ ඔවුන් කැමති නම් පමණයි. නමුත් සුනඛයන් එසේ නැහැ. ඔවුන් සියලු විටම සිය ස්වාමියාට කීකරුයි.
ඇතැම් අවස්ථාවන්වලදී බළලුන් සිය ස්වාමියාට දක්වන ප්‍රතිචාරද නිවැරදි නැහැ. ඔවුන්ගේ කුස පිරී ඇති මුත් ඇතැම් අවස්ථාවලදී ආහාර ඉල්ලමින් කෑගසා ප්‍රතිචාර දක්වන අවස්ථාවන් තිබෙනවා. සුනඛයන් කුසගිනි ඇති වුණු විට සිය ස්වාමි ආහාර ලබා දෙන තුරු නිහඬව සිටියත්, බළලුන් එසේ නොවෙයි. කුසගිනි ඇතිවන්නේ කුමන අවස්ථාවේ දී වුවත් ආහාර ලබාදෙන තුරුම ඔවුන් කෑගසන බව හොඳින් දකින්නට ඇති දෙයක්.
ඇතැම් සිනමා සහ ටෙලි නිර්මාණවල බළලුන් සිය ස්වාමියා පවසන දේ සිදු කරන අවස්ථාවන් දකින්නට හැකියි. එවිට සිතෙන්නේ ඔවුන්ව ඉතා හොඳින් පුරුදු පුහුණු කොට ඇති බවයි. නමුත් සැබවින්ම එහිදී සිදුවන්නේ වෙනත් දෙයක්. මුලින් කරන්නේ බළලාගේ විවිධ චර්යාවන් වෙනම රූප ගත කිරීමයි.
‘මේසයට නගින්න’යැයි ස්වාමියා විධානයක් දුන් පසු බළලා මේසයට නගින දර්ශනයක් තිබුණද සැබවින්ම සිදුවන්නේ කලින් අවස්ථාවකදී රූප ගත කළ, බළලා මේසයට නගින දර්ශනයක් එතැනට මූට්ටු කිරීමයි. එය බළලුන් පුහුණු කරනවාට වඩා පහසු දෙයක්. ඒ වගේම එම දර්ශනයේ සිටින්නේ හොඳින් පුහුණු කරන ලද බළලකු බව ප්‍රේක්ෂකයාට ඒත්තු ගන්වන්නට ද පහසුයි.
මේ නිසා කිවහැක්කේ ඔබ තිරයේ දකින බළලුන්ගේ චර්යාවන්වලින් ඔවුන් ඉතා හොඳින් පුහුණු කරන ලද බළලුන් බව කිව නොහැකි බවයි. ඔබ වැඩි හරියක් දකින්නේ ඔවුන්ගේ ස්වාභාවික චර්යාවන් සිනමා හෝ ටෙලි නිර්මාණයකට මූට්ටු කර ඇති අවස්ථාවන් පමණයි.
නිරංජන් චාමින්ද කරුණාතිලක