Dec
05
හෂාන් සහ චන්දනත් ක්‍රිකට් පුහුණුවට එක්වෙති

සයිමන් විල්ස් මහතා යටතේ ක්‍රියාත්මක වන ඉහළ කාර්ය සාධන ඒකකයේ පුහුණු අංශයට අනුයුක්තව මොවුන් දෙදෙනා කටයුතු කළ යුතු අතර මෙම දෙසැම්බර් 1දා සිට බලපැවැත්වෙන තිලකරත්න හා චන්දනගේ සේවා කොන්ත්‍රාත්තු කාල සීමාව වසරකට සීමා වන බවද පැවැසේ.
වේගපන්දු යැවීමේ පුහුණුකරුවකු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෑතකදී පත්කරන ලද චමින්ද වාස් මෙන්ම තිලකරත්න හා චන්දන යන දෙදෙනාද ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කටයුතුවලට අදාළව නොව නැඟී එන හා යොවුන් ක්‍රීඩකයන්ගේ පුහුණුකරණයට සම්බÂධ රාජකාරි සඳහා පත්කර ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන පුහුණු මධ්‍යස්ථානයේ කළමනාකරු සයිමන් විල්ස් මහතාගේ අධීක්‍ෂණය යටතේ මොවුන් දෙදෙනාගේ පුහුණු කටයුතු සිදුකරනු ලබන අතර ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ වත්මන් ප්‍රධාන පුහුණුකරු ග්‍රැහැම් ෆෝඩ් ජාතික කණ්ඩායමේද පිතිකරණ පුහුණුකරුවා ලෙස කටයුතු කරන අතර දකුණු අප්‍රිකානු ජාතික නික් පෝතස් ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරුවා ලෙස කටයුතු කරයි.
කෙසේ වෙතත් පුහුණුකරුවන් ලෙස තිලකරත්න හා චන්දන ඉදිරියේදී දක්වන දක්‍ෂතා මත ඔවුන් පත්කර ඇති සේවා කාලය තවදුරටත් දීර්ඝ කිරීමේ හැකියාව ඇති පරිදි දෙපාර්ශ්වය අතර ගිවිසුමකට එළැඹී අතැයිද දැනගන්නට ඇත. 2016 ජනවාරි මාසයේදී වත්මන් ක්‍රිකට් පාලකයන් පත්වීමෙන් අනතුරුව ග්‍රැහැම් ෆෝඩ් නව ප්‍රධාන පුහුණුකරුවා ලෙසත් සයිමන් විල්ස් ඉහළ කාර්ය සාධන කළමනාකරුවා ලෙසත් සහ නික් පෝතස් නව පන්දු රැකීමේ ජාතික පුහුණුකරුවා ලෙසත් පත් කළ අතර දක්‍ෂ යොවුන් වේග පන්දු යවන්නන් සොයා ඔවුන් වැඩිදියුණු කර ජාතික කණ්ඩායම සඳහා යොමු කිරීමේ වගකීම ශ්‍රී ලංකාවේ හිටපු වේගපන්දු යවන්නකු වූ චමින්ද වාස්ට පැවැරී ඇත.
49 වැනි වියෙහි පසුවන හෂාන් තිලකරත්න 1989 _ 2004 කාල සීමාව තුළ ටෙස්ට් තරග 83කට ක්‍රීඩා කොට ලකුණු 4545ක් (සාමාන්‍ය 42.87) රැස්කොට ඇති අතර එක් දින තරග 200කට සහභාගි වූයේ 1996දී ලෝක කුසලානය දිනූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකත්වයද දරමිනි. තවද පසු කලෙක ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සාමාජිකයකු ලෙසද තිලකරත්න සේවය කළ අතර තුන් ඉරියව් දක්‍ෂතා දැක් වූ ක්‍රීඩකයකු වූ 44 වියැති උපුල් චන්දන පා දඟ පන්දු යවන්නකු ලෙස 1994 _ 2007 කාලය තුළදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ටෙස්ට් තරග 16කටත් එක් දින ජාත්‍යන්තර තරග 147කටත් ක්‍රීඩා කර ඇත. තවද දක්‍ෂ පන්දු රකින්නකු ලෙස 1996 ජයග්‍රාහී ලෝක ශූර ශ්‍රී ලංකා සංචිතයේද සාමාජිකයකු වූ චන්දන මීට වසර දෙකකට පමණ පෙර ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරුවා ලෙසද කෙටි කලක් සේවය කළේය