Dec 05

අයි.එස්. ත්‍රස්ත නායකයා මරුට

ලොවටම තර්ජනයක් වී තිබෙන අයි.එස් ත්‍රස්ත සංවිධානයට නව නායකයකු තෝරා ගැනීම සඳහා එම සංවිධානයේ ඉහළ නායකයන් හදිසි රැස්වීමක් කැඳවා ඇතැයි ඬේලිමේල් පුවත්සේවය වාර්තා කරයි.

ප්‍රහාරයකින් අයි.එස් ත්‍රස්ත සංවිධානයේ නායකයා මියගොස් ඇතැයි ද එබැවින් නව නායකයකු තෝරා ගැනීම මෙලෙස හදිසි රැස්වීමක් කැඳවා ඇතැයි ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

අයි.එස් ත්‍රස්ත සංවිධානයේ සියලු නායකයන් ඉරාකයේ මෙලෙස හමු වී සාකච්ඡා කරන බවට ලන්ඩනය පදනම් කරගත් මානව හිමිකම්  සඳහා වූ සිරියානු නිරීක්ෂණ කණ්ඩායමට තොරතුරු ලැබී ඇතැයි එම සංවිධානය උපුටා දක්වමින් ජෙරුසලෙම් පෝස්ට් පුවත් සේවය වාර්තා කර ඇත.

නව නායකයකු පත් කරගන්නේ ඇයි ද තවමත් නිශ්චිත නොමැති නමුත් ඉරාක හමුදා හා මිත්‍ර පාර්ශව ඉරාකයේ මොසුල් නුවර මුදා ගැනීම සඳහා කරන මෙහෙයුම්වලදී අයි.එස් අබු බකර් අල් බැග්ඩෑඩි මිය යන්නට ඇතැයි එම වාර්තා තවදුරටත් සඳහන් කරයි.
අයි.එස් නායකයා ජීවතුන් අතර නම් ඔහු සැඟව සිටින්නේ කොහිදැයි තවමත් නිශ්චිතව අනාවරණය වී නැත.

මෙහෙයුම්වලදී කිසිසේත් පසු නොබසින්නැයි පසුගිය මාසයේදී අල් බැග්ඩෑඩි හඬ පටයක් නිකුත් කරමින් තම සටන්කරුවන්ගෙන් ඉල්ලා සිටියේය. මොසුල් නුවර ඉරාක හමුදා අතට හසු වුවහොත් අයි.එස් සංවිධානයේ රහස් හෙළිකරනු ඇතැයි බියෙන් අල් බැග්ඩෑඩි තම හිතවතකු ඝාතනය කළ බව ද විදෙස් වාර්තාවල දැක්විණි.
අල් බැග්ඩෑඩි පසුගිය ඔක්තෝබර් මාසයේදී ආහාර විසවීමක් රෝගාතුර වූ බවත් ඔහු ඇතුළු පිරිසක් රහස්‍ය ස්ථානයක් වෙත ගෙන ගිය බවත් වාර්තා විය. ඝාතකයකු අයි.එස් නායකයාගේ සහ එම සංවිධානයේ අණ දෙන්නන් තිදෙනකුගේ ආහාරවලට විස එක් කිරීමෙන් ඔවුහු දැඩි ලෙස රෝග තුර වූහ.

ඉරාක හමුදා සහ මිත්‍ර පාර්ශව මොසුල් නුවර මුදා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කිරීමත් සමඟ අයි.එස් නායකයා ගුවන් ප්‍රහාරවලින් බේරීමට ප්‍රාණ ඇපකරුවන් 150 කු සමඟ පැනගිය බව තවත් වාර්තාවක දැක්විණි.

කෙසේ වෙතත් අයි.එස් නායකයා සම්බන්ධයෙන් ලැබෙන තොරතුරු කිසිවක් නිශ්චිත නොමැති අතර මීට පෙර ද ඔහු ඝාතනය වූ බවට තුවාල වූ බවට පුවත් වාර්තා විය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.