Nov 21

පේ‍්‍රක්ෂක ආදරය ලැබීමට මම පින් කරලා තියෙනවා

අවුරුදු පහකට විතර පසුව සංගීතා රඟපෑ චිත‍්‍රපටයක් මේ දිනවල තිරගත වෙනවා. නිශාන්ත ප‍්‍රදීප් මොහොට්ටිගේ නිෂ්පාදනයෙන් ප‍්‍රදීප් මහේෂ්ගේ අධ්‍යක්‍ෂනයෙන් නිර්මාණය වූ ‘‘හීරෝ - නීරෝ’’ එම චිත‍්‍රපටයයි. කාලයකට පසුව නැවතත් සිනමාවට ආ තරු පරපුරේ ජනප‍්‍රිය සිනමා තාරකාව වන ‘‘සංගීතා’’ අප සමඟ පිළිසඳරකට එක්වුණේ මේ විදියටයි.

 සංගීතා මොනවද මේ දිනවල විස්තර?

රොෂාන්තගෙ වැඩ කටයුතුවලට දායකත්වය දෙන අතරේ ‘‘රිදී රැයක්’’ වෙනුවෙන් සූදානම් වෙනවා. මේ දිනවල එහි පුහුණුවීම් කරනවා. ඒත් එක්කම මගේ ඊළඟ චිත‍්‍රපට නිෂ්පාදනයටත් ලැහැස්ති වෙනවා.

 පසුගිය කාලයේදී සිනමා රංගනයට එක් නොවූ ඔබ ‘හීරෝ-නීරෝ’ සමග එක්වුණේ ඇයි?

මෙහි අධ්‍යක්‍ෂ වගේම නිෂ්පාදක මම හොඳින් හඳුනන දෙදෙනෙක්. ඒ මිත‍්‍රත්වය මුල්වුණා. ඒ වගේම අධ්‍යක්‍ෂ එක්ක මීට පෙර වැඩ කරලා තියෙනවා. ඉතින් එයාට සහයෝගයක් ලෙස ප‍්‍රධාන චරිතයක් නොවුවත්, මෙහි චරිතයකට දායක වුණා. චරිතය ප‍්‍රධාන එකක් නොවුවත් මම ආසාවෙන් එය රඟපෑවා.

ඔබ රඟපෑ චිත‍්‍රපට අතරින් අන්තිමට තිරගත වුණේ?

දෝනි.

 ඉදිරියේ තිරගත වීමට තියෙන්නෙ?

බූඞීගෙ ‘‘නිම්නයක හුදෙකලාව’’ සහ එයාගෙම තවත් චිත‍්‍රපටයක්.

ටෙලිනාට්‍ය රඟපෑමට ඇයි නොඑන්නේ? බොහෝදෙනෙක් ටෙලි නාට්‍ය වෙතින් ඔබගෙ රඟපෑම් බලාපොරොත්තු වෙනවා නේද?

ඇත්තටම ටෙලිනාට්‍ය මාධ්‍ය වෙතින් එකවර විශාල පේ‍්‍රක්‍ෂක පිරිසක් අතරට යන්න පුළුවනි. ඉල්ලීම් නිසාම රූපවාහිනී නාට්‍යවලට සම්බන්ධ වෙන්න හිතාගෙන ඉන්නෙ. එහෙම වුණොත් අවුරුදු 12කට විතර පසුව නැවතත් ටෙලි තිරයේ මගේ රඟපෑම් පේ‍්‍රක්‍ෂකයින්ට දැකගත හැකිවේවි. තවම තීරණයක් ගෙන නැතත් නැවත ටෙලිතිරයේ රඟපානවා කියන තැන අද ඉන්නෙ.

 රඟපෑමෙන් ඈත්ව ගෙවන ජිවිතය ඔබට දැනෙන්නෙ කොහොමද?

ජීවිතයේ වැඩි කාලයක් රංගනයට සම්බන්ධව කටයුතු කළ නිසා එයින් ඈත්ව සිටින විට පාළුවක් දැනෙනවා. නමුත් ජීවිතය හරි අවබෝධයක් ඇතිව ගමන් කළ යුතුයි. අවිවාහකව සිටි කාලයේදී රඟපෑම උදෙසා ශ‍්‍රමය සහ කැපවීම කරන්න පුළුවන් වුණා. නමුත් විවාහයෙන් පසුව මවක ලෙස බිරිදක ලෙස ඉටුවිය යුතු වගකීම් සියල්ල සමග ඒ ගැන විශේෂයෙන් හිතුවා. විශේෂයෙන්ම දරුවාගෙ වැඩ කටයුතු ගැන විශේෂ අවධානය යොමු කළ යුතු වුණා. ඒක මම බොහෝම ආසාවෙන් කළේ. දැන් පෝෂිට අවුරුදු 6යි. ඉතින් දැන් මට මගේ රංගනය ගැන සහ ඊට නියැලී කටයුතු කිරීමේ අවකාශය පෙරට වඩා තිබෙනවා.

 රඟපෑමෙන් නිතර දකින්න නැති ඔබට ලැබෙන පේ‍්‍රක්‍ෂක ප‍්‍රතිචාර මොන වගේද?

මම අන්තිමට රඟපෑ ‘දෝනි’ චිත‍්‍රපටය තිරගත වුණේ 2011 දී විතර. නමුත් ඉන්පසුව රඟපෑවෙ නැතත් පේ‍්‍රක්‍ෂකයින්ගෙන් ලැබෙන ප‍්‍රතිචාර සහ ආදරය එදාටත් වඩා ඉහළයි. ඒ ගැන ඇත්තටම මට පුදුමයි. මිනිසුන් අතරට යන අවස්ථාවලදි ඒ ආදරය මට දැනිච්ච දෙයක්. මෑතකදී ළමා දිනයදා වැඩ සටහනකට දායක වෙන්න ගියාම ළමයින් මාව වටකර ගත්තා. දෝනිx දෝනි නේද කියලා ඇමතුවා. මට හරි සතුටක් ඇති වුණේ. ඒ පේ‍්‍රක්‍ෂක ආදරය ලබන්න තරම් මම පින් කරලා තියෙනවා.

 සැබෑවට ඔබ කරන පින් අතේ වැඩ මොනවද?

බොහෝ සමාජ සත්කාරක උපකාර සේවාවල යෙදෙනවා. නමුත් ඒ එකක්වත් ප‍්‍රසිද්ධ කරන්න කැමැති නැහැ.

 දැන් ඔබගෙ ‘දෝනි’ ගැන ඔබට හැෙඟන්නෙ කොහොමද?

පෝෂි මගේ දෝනි හරිම දක්‍ෂ හරිම හොඳ ළමයෙක්. ඒ ගැන හරි සන්තෝෂයි මට. ඇයට ඇයගෙ ජීවිතය සාමාන්‍ය විදියට ගත කරන්න ඉඩ දීලා කියන්නෙ.

 දේශපාලනය ගැනත් ඔබ එක්ක කතා නොකළොත් අඩුවක් වේවි නේද?

දේශපාලනය කියන මාතෘකාවට මම ආසයි. වෘත්තීය ජීවිතය හෝ සාමාජයීය ජිවිතය දේශපාලන දැනුම්වත් තොරව ගෙවන්න අමාරුයි. රටේ ලෝකයේ සිදුවන දේ ගැන දැනගැනීමේ අවශ්‍යතාවය මට තියෙනවා. කලාකාරියක ලෙස කලාවේ ප‍්‍රශ්න විසඳා ගැනීමට දායක වීම වැදගත්. මේ ක්‍ෂේත‍්‍රයේ වෙනස් කම් කීපයක් වෙන්න යන බවට අපට ආරංචි ලැබුණා. ඒ වෙනස් කම් සිදු නොවේවා කියා මා ප‍්‍රාර්ථනා කරනවා. කලාවට යහපත් දේ ගැන විතරයි මම හිතන්නෙ. නමුත් සමහර අය මුදලට විකිණෙනවා. එයාලා ඔවුන් ගැන විතරයි හිතන්නෙ. කලාවත් එයාලට වැඩක් නැහැ. නමුත් අපි මේ වෙනස නොකරන්න මහන්සි ගන්නවා.

 මොකක්ද ඒ වෙන්න යන දේ?

ඉදිරියේදී ඒ ගැන ප‍්‍රකාශ වේවි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.