Nov
21
වෙච්ච වැරැදි ඉක්මනින් හදාගන්න ඕන - නුවන් කුලසේකර
ඔහු මේ අදහස් දැක්වූයේ ශ්‍රී ලංකාව හා කොදෙව් අතර පසුගියදා හරාරේ පිටියේදී පැවැති තරගයෙන් පසු පැවැති මාධ්‍ය හමුවේදීය. තවදුරටත් අදහස් දැක්වූ කුලසේකර"සිම්බාබ්වේ වේගපන්දු යවන්නන් පැයට කි.මී. 120-130ත් අතර වේගයකින් පන්දු යැව්වත් කොදෙව් කණ්ඩායම ඔවුන්ට වඩා වැඩි වේගයකින් හා ඉපිලීමකින් පන්දු යවනවා. විශේෂයෙන්ම ගේ්‍රබියෙල් පැයට කි.මී. 140කට වඩා වැඩි වේගයකින් පන්දු යැව්වා. කොදෙව් පන්දු යවන්නන් අතරින් හෝල්ඩර් අපට විශාල තර්ජනයක් වුණා" යනුවෙන් පැවැසූ කුලසේකර කියා සිටියේ තම කණ්ඩායම පෙන්වූ මෙම වැරදි ඉදිරි දින කිහිපය තුළදී නිවැරදි කරගැනීමට අවස්ථාව ඇති බවය.
"2010 වසරේදී මම බුලවායෝවලදී තරග දෙකකට මුහුණ දුන්නා. නමුත් ඒ තණ තීරුවට වඩා හරාරේ තණතීරුව පිතිකරුවන් අමාරුවේ දාන තණතීරුවක්. ඒ කෙසේ වුණත් ඉදිරි තරගවලදී අපි මෙයට වඩා සැලසුම් සහගත ලෙස තරග වැදීමට සූදානම් වෙනවා"යනුවෙන්ද කුලසේකර සඳහන් කළේය.
කෙසේ වෙතත් කොදෙව් ජයග්‍රහණය සඳහා විශාල සේවාවක් සපයමින් මංගල එක්දින තරගයේදීම ලකුණු 46කට කඩුලු 3ක් දවාගත් අෑෂ්ලේ නර්ස් පැවැසුවේ මෙය තමන්ගේ තෙවැනි සංචාරය බවත්, ලැබූ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගැනීම ගැන සතුටු වන බවත්ය. "පාකිස්තානය සමඟ පැවති එක්දින තරගාවලිය අපි 3-0කින් පැරදුණා. ඒ නිසා අපට මේ තරගාවලියට එනවිට නැතිවෙන්න දෙයක් තිබුණේ නැහැ. ඒත් තරගාවලියේ අපි සහභාගි වුණ පළමු තරගයේදීම මෙවැනි ජයග්‍රහණයක් ලැබීම සම්බන්ධයෙන් කියන්න වචන නැහැ." යනුවෙන් පැවැසූ නර්ස් කීවේ එක්දින ශේ්‍රණිගත කිරීම්හි පහළින් සිටින තම කණ්ඩායම පියවරෙන් පියවර ඉදිරියට පැමිණ මෙම තත්ත්වයෙන් මිදීමට උත්සාහ ගන්නා බවය.