Nov 20

ෆැෂන් බග් පාඩුව රුපියල් මිලියන 200යි: රස පරීක්ෂක පැමිණෙයි

ගිනි ගැනීමට ලක් වූ බොරලැස්ගමුව, පැපිලියානේ පිහිටි ෆැෂන් බග් ගබඩා සංකීර්ණය පරීක්ෂාවට ලක් කිරීම සදහා රජයේ රස පරීක්ෂක වරයා එම ස්ථානයට පැමිණ තිබේ.

බොරලැස්ගමුව, පැපිලියානේ පිහිටි ෆැෂන් බග් ගබඩා සංකීර්ණයේ ඇති වූ ගින්නෙන් සිදුව ඇති පාඩුව දළ වශයෙන් රුපියල් මිලියන 200ක් පමණ වන බව වාර්තා වේ.

අදාළ, ගින්නෙන් එම ගබඩාවේ ගොඩනැගිල්ලට පාඩු සිදුව නැතත් එහි ගබඩාකර තිබූ නිමි ඇඳුම්වලට දැඩි හානි සිදුව ඇති බව පැවසේ.

එසේම, එම ගබඩාවේ තොරතුරු ගබඩා පරිගණක පද්ධතියටද හානි සිදුව ඇති බව වාර්තා වේ.

CCTV දෘඩ තැටිය පොලිසිය ගෙනයාම ගැන කචල් එකක්

ඊයේ (19) රාත්‍රියේ එම ගබඩා සංකීර්ණයේ ගින්න ඇතිවූ අවස්ථාවේ එහි තිබූ CCTV කැමරා පද්ධතියේ දෘඩ තැටිය (hard disk) ගලවාගෙන යාම සම්බන්ධයෙන් ෆැෂන් බග් හිමිකරුවන් කනගාටුවෙන් සිටින බව වාර්තා වේ.

එම දෘඩ තැටිය (hard disk) පොලිසියට අයත් එකක් නොවන බවත් එය අදාළ ආයතනය සතු එකක් බවත් ඔවුන් කියා සිටී.

එම දෘඩ තැටිය (hard disk) සමඟ පොලිසියට ෆැෂන් බග් හි සේවයකරනු ලබන තරුණ සේවකයෙක් රැගෙන ගොස් ඇති බවත්, ඔහුට පොලිසිය පහරදී ඇති බවට රාවයක් පවතී.

එම තරුණයා අද (20) රෝහලින් ප්‍රතිකාර ගෙන ඇති බවද පැවසේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.