Nov
22
මහා පාරේ කහ ඉරි ළඟදීම සුදු වෙයි, හේතුවත් මෙන්න

අවපැහැ ගැන්වී ඇති කහ ඉරි සුදු පැහැයෙන් වර්ණ ගැන්වීම දැනටමත් ආරම්භ කර ඇති බවත් ජාත්‍යන්තර මාර්ග නීති සැලකීමේදී පදික මාරු වර්ණ ගන්වා ඇත්තේ සුදු පැහැයෙන් බැවින් ශ්‍රී ලංකාවේද කහ ඉරි සුදු පැහැ ගැන්වීමට තීරණය කර ඇති බවත් මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඩී.සී. දිසානායක මහතා පවසයි.
සුදු පැහැය රාත්‍රි කාලයේදී රියැදුරන්ට වඩාත් පහසුවෙන් දර්ශනය වීමද මෙම තීරණය ගැනීමට හේතු වූ බවත් ලේකම්වරයා වැඩිදුරටත් පැවැසීය.