Sep
21
කොළඔ ප්‍රධාන විදුහලක කාන්තා ඇදුම් සදහා නීති පනවයි

ඒ කොළඔ ශාන්ත ජෝසප් විද්‍යාලයේය. මෙම පෝස්ටරයේ දක්වා තිබුනේ පාසලට ඇතුලුවන කාන්තාවන් පාසලට ඇදිය යුතු ඇදුම් පිළිවෙළයි.
මෙම පාසලේ නව නීති අනුව කාන්තාවන් කොට ඇදුම් හා කලිසම් ඩෙනිම් ආදිය සැරසී පාසලට පැමිණීම වලක්වා ඇත. ඔවුන් මෙයින් අදහස් කර ඇත්තේ අත් වැසෙන සාම්ප්‍රදායික ඇදුමක් හෝ සාරියකින් සැරසී කාන්තාවන් පාසලට පිවිසිය යුතු බවයි. ජාේසප් විද්‍යාලීය පරිපාලන මෙම නීතිය ක්‍රියාත්මක කර ඇති බවට තහවුර කර තිබ්‍ෙ.
මෙම නව නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධව කාන්තාවක් ප්‍රකාශ කලේ මෙසේය "ලංකාව්‍ෙ පමණක් නොවෙයි හැම තැනම අදහසක් තියෙනව පිරිමි අයට ඒගොල්ලන්ගෙ හෝමෝන් කන්ට්‍රෝල් කරගන්න බැහැ කියල. එහෙම කියන එක පිරිමි ලමයින්ට හොද නැහැ ඒ කියන්නෙ ඒගොල්ලෙ සත්තු වගේ හැසිරෙනව කියල. ඒක හරි කියල මම හිතන්නෙ නැහැ." ලෙසයි.
" දැන් අනිත් රටවල් වල මිනිස්සු ඕන එකක් ඇඳගෙන යනව ළමයිව ගන්න, ඒ තැන්වල එහෙම ප්‍රශ්න නැහැ. මං හිතන්නෙ නැහැ ගැහැණුන්ට විනීතව අඳින්න කියල කියන්න ඕන කියල. එකෙන් අදහසක් එනව එක විදියකට අඳින කාන්තාවන්ට විතරයි 'රෙස්පෙක්ට්' කරන්න ඕන කියල. දැන් බලන්න ගැහැණු කෙනෙක් දුෂණයට ලක්වුනොත් මිනිස්සු ඉස්සරවෙලාම අහන්නේ එයා මොනවද ඇඳගෙන හිටියෙ කියල. අපි ඉන්නෙ 21 වැනි සියවසේ. මෙහෙම දැන්වීමක් දාන කොට අපි ළමයින්ට කියන්නෙ මෙහෙම ඇන්දේ නැතිනම් ඒ කාන්තාවන්ට ගෞරව කරන්න එපා කියල ඔයගොල්ලන්ට කැමති දෙයක් එයාලට කරන්න, කියන පණිවුඩය" යනුවෙනුයි ඇය වැඩි දුරටත් කියා සිටියේ.
සිය විදුහලේ එවැනි ක්‍රමවේදයක් ක්‍රියාත්මක වන බව කොළඹ ශාන්ත පීතර විද්‍යාලයත් සනාථ කළේය. මේ නීතිය පිළිබඳව සමාජ මාධ්‍ය ජාල ඔස්සේ බොහෝ දෙනා කෝපය පළ කර තිබිණ.

