Sep
14
දුමින්ද සිල්වා බත් පැකට් විකුණූ අයෙක් බව මහාචාර්්‍යය වරයා පවසයි
මහතා ප්‍රකාශයක් කර තිබ්‍ෙ. ඊයේ (13) කොළඔ පැවති පොතක් එලිදැක්වීම්ෙ උත්සවයකට එක්වෙමින් ඔහු ම්‍ෙ බව පවසා තිබ්‍ෙ. මහාචාර්්‍යය සරත් මහතා පවසන්නේ මීට වසර කිහිපයකට පෙර දුමින්ද සිල්වා යනු බත් පැකට් විකිණූ අයෙක් බවයි. මහාචාර්්යයවරයා තවදුරටත් මෙසේ පැවසීය
“දුමින්ද සිල්වා කියන චරිතය නිරුපද්‍රිතව මේ සමාජය තුළ කටයුතු කළේ කොහොමද? ඒ අය ව්‍යාපාර කළේ කොහොමද? ඒ අයගේ බලය ව්‍යාප්ත කළේ කොහොමද? ඔහු ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරයා වශයෙන් පත්වුණා. දැන් මේ කතා කරන මම ඉසුරුපාය කිට්ටුව තියෙනවා පාලම් තුන හංදිය කියලා තැනක්.
ඔතන තිබුණා එක්තරා කාලයක ලක්ෂ්මි ෆුඩ් සෙන්ටර් කියලා නිමි ආහාර විකුණන කඩයක්. ඔය කඩේදී දුමින්ද සිල්වා බිල් ලියලා මට කෑම දීලා තියෙනවා. මට කෑම විකුණලා තියෙනවා. එයාගේ එදා තත්වය කල්පනා කරලා බලන්න. එතකොට මේ වගේ අසාමාන්‍ය ධනවතෙක් බිහිවන්නේ කොහොමද? ඒ ධනවතාව ආරක්ෂා කරන්නේ සාපරාධී දේශපාලන බලවේගයක්.”