Aug
02
රතු එළියක් දැල්වූවා – පෙනුනේ කොළ එළියක්
ඊට සහභාගි වී පිරිස් රාති‍්‍ර 7ට පමණ සාමකාමීව විසිර ගිය බවයි වාර්තාකරුවන් නිහාල්සිරි ගම්ලත් පැවසුවේ.
මෙම පාද යාත‍්‍රාව සම්බන්ධයෙන් එය සංවිධාන කළ පාර්ශ්වයේ සහ ආණ්ඩුවේ අවසන් විවරණය කුමක්දැයි විමසා බැලීමක් කළා.
සංවාදයට එක් වුණා ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් පාර්ලිමේන්තු විමල් වීරවංශ සහ ආණ්ඩුව වෙනුවෙන් අමාත්‍ය එස්.බී. දිසානායක. එම සංවාදයට එක්වූ විමල් වීරවංශ දැක්වූ අදහස් පහතින් දැක්වේ
“ආණ්ඩුව හිතනවනම් තමන් කැමති විදිහට පිට්ටනිය හදාගෙන කැමති කැමති විදිහට සෙල්ලම් කරන්න පුළුවන් කියලා අද මේ රටේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ඔප්පු කරලා පෙන්නුවා සෙල්ලම් කරනවනම් මහජනයා හදපු නීති වලට සෙල්ලම් කරන්න , ඊට පිටින් සෙල්ලම් කරනවනම් යන්න ලෑස්ති වෙන්න කියන පණිවිඩේ මේ ලක්ෂ සංඛ්‍යාත ජනතාව විසින් අද පෙන්නුම් කළා”.
ඊට එක්වූ එස්.බී. දිසානායක මෙලෙස අදහස් දැක්වූවා.
“මමනම් කියන්නේ පක්ෂයටත් හොඳයි ඒ කට්ටියට අනුරාධපුරය පැත්තටත් ඕක පොඩ්ඩක් දික්කරන්න පුළුවන් නම්. මම හිතන්නේ ඔය බඩවල් පොඩ්ඩක් බැහැලා , කොඳු අමාරුව නැතිවෙලා යයි”.
ජන සටන පාද යාත‍්‍රාවේ අවසන් රැළිය පවත්වන්නේ කුමන ස්ථානයකදැයි ඊයේ (01) සවස 4 පමණ වනතුරුත් නිල වශයෙන් ප‍්‍රකාශ වී තිබුණේ නැහැ.
ඒකාබද්ධ විපක්ෂය පැවසුවේ මේ සඳහා හයිඩ් පිටිය වෙන්කර ගෙන තිබුණත්, ආණ්ඩුවේ මැදිහත්වීමෙන් තමන්ට එය නොලැබි ගිය බවයි.
එසේ තිබියදී අවසන් රැළිය සඳහා කැම්බල්පිටිය ලබාදිය හැකි බව ඊයේ දහවල් 2යි 30ට පමණ පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු ගොස් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට දැනුම් දුන්නා.
කෙසේ වෙතත් අවසන් රැළිය පැවැත්වුණේ ලිප්ටන් වටරවුමේදීයි.
ජන සටන පාද යාත‍්‍රාව පැමිණි මාර්ගයේ හොරගොල්ල බණ්ඩාරනායක සමාධියද, ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රධාන කාර්යාලය ද පිහිටා තිබුණා.
හොරගොල්ල බණ්ඩාරනායක සමාධියට විශේෂ ආරක්ෂාවක් යොදා තිබුණු නමුත් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රධාන කාර්යාලයට එවැනි ආරක්ෂාවක් යොදවා තිබුණේ නැහැ.
පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශ සහ අමාත්‍ය එස්.බී දිසානායක ඊටද ප‍්‍රතිචාර දැක්වූවා.
ජන සටන සංවිධාන කෙරුණේ ආණ්ඩුවට රතු එළියක් දැල්වීමේ අපේක්ෂාවෙන්.