Aug
23
චන්දිමාල් හෙටත් 50ක් ගැහුවොත් වෙන දේ මෙන්න!

මෙය ඔහු නොකඩවා ලබාගත් පස්වන අර්ධ ශතකයයි.
ඔහු පසුගිය එංගලන්ත තරඟාවලියේදී අවසන් තරඟ 4දී අර්ධ ශතක ලබා ගැනීමට සමත් වුණා.
සනත් ජයසූරිය,තිලකරත්න ඩිල්ෂාන් හා කුමාර් සංගක්කාර ශ්‍රී ලංකාව වෙනුවෙන් මින්පෙර නොකඩවා අර්ධ ශතක 5ක් ලබාගෙන තිබුණා.
චන්දිමාල් හෙට පැවැත්වෙන තරඟයේදීත් අර්ධ ශතකයක් ලබා ගැනීමට සමත් වූවොත් ලොව එම දස්කම කළ 6 වැනියා ලෙස වාර්තා පොත් අතරට එකතු වනු ඇති.
මින් පෙර එම දස්කම කර ඇත්තේ ගෝඩන් ග්‍රීනිඩ්ජ්,ඇන්ඩෘ ජොන්ස්,මාක් වෝ,මොහොමඩ් යුසුෆ් හා කේන් විලියම්සන් පමණයි.
කෙසේ වෙතත් පසුගියදා පැවැති තරඟයේදී පන්දුවක් පපුවේ වැදීමෙන් චන්දිමාල් තරඟයෙන් අනතුරුව රෝහල් ගතකර තිබුණා.
ඔහු හෙට තරඟයට සහභාගී වනවාද නැද්ද යන්න මෙතෙක් නිශ්චිතව වාර්තා වන්නේ නැහැ.