Aug
23
පේරාදෙණිය සම සෞඛ්‍ය පීඨයේ ගැටුමකින් සිසුන් 5ක් රෝහලේ

සිද්ධියේදී තුවාල ලැබු පළමු වසරේ සරසවි සිසුන් පස් දෙනා මේ වනවිට පේරාදෙණිය ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි පේරාදෙණිය පොලිසිය සඳහන් කළේ.
පසුගිය 21 වැනිදා විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය පීඨයේ පැවති ශිෂ්‍ය රැස්වීමකට මෙම සිසුන් සහභාගි නොවීම සම්බන්ධයෙන් දෙවන වසරේ සිසුන් පිරිසක් අතර ඇති වූ බහින් බස් වීමක් දුරදිග ගොස් මෙම ගැටුම හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.
සිද්ධිය පිළිබඳ පේරාදෙණිය පොලිසිය පරීක්ෂණ පවත්වන අතර ගැටුමට සම්බන්ධ කිසිවෙකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ.