Aug
22
දුම්වැටි සදහා වන බදු ඉහලට
රජය විසින් තීරනය කර ඇති බව සෞඛ්‍යය අමාත්‍යාංශය පවසයි.
එමෙන්ම දුම්වැටි දවටන වල 20% ක හිස් අවකාශයක් ඇතුලත් කිරීමේ නීතිය සැකසීම සදහා වන කැබිනට් පත්‍රිකාව මෙම සතියේ අමාත්‍යය මන්ඩලයට ඉදිරිපත් කරන බවද හෙතෙම සදහන් කලේය.
අද (22) පැවති දකුනු හා නැගෙනහිර ආසියානු රට වල සෞඛ්‍යය අමාත්‍යය වරැන්ගේ සමුඵව ලබන සැප්තැම්බර් මස 5 හා 6 යන දින වල පැවැත්වෙන බවට දැනුමත් කිරීමේ මාධ්‍යය හමුවකදීසෞඛ්‍යය සේවා අධ්‍යයක්ෂක ජනරාල් වෛද්‍යය පාලිත මහීපාල මහතා මේ පිළිබද මාධ්‍යයට සදහන්කලේය.
මෙහිදී වැඩිදුරටත් සදහන් කලේ මීට සමයක මෙලෙස දුම්වැටි සදහා වන බදු ප්‍රමාණය 90% දක්වා වැඩි කලේ හිටපු ජනාධිපති ආර්.ප්‍රේමදාස මහතාගේ යුගයේ බවත් ඉදිරියේ දුම්වැටියේ දවටනයේ ඇතැම් රට වල ක්‍රියාත්මක කරනා ආකාරයෙන් නම හැරැන විට අනෙකුත් අවකාශයේ සම්පූර්ණයෙන් රෑපමය අවවාද දැක්විය යුතුය යන නීතිය ක්‍රියාත්මක කිරීමට බලාපොරත්තු වන බවයි.