Aug
22
අතරුදන් වූ දරුවා සොයා විමර්ශනයක්
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjk0aZiADYX2zklrUQUZHN9QjRjenHP2ktyq6qLUEpuXO91O9Xsi16UB-I1Ua1SP0efok1dW7-JIchoAcGp_rD70OJrcJiuVwTQvkjlbylfHGq3bUydrIJEne05q-7fjOmePq00e-QgEwU/s320/524308503book.jpg)
තම පුත‍්‍රයා, වැඩිමහල් දියණිය සමග ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටිම සදහා ඊයේ උදෑසන නෝර්වුඞ් දෙමළ මහා විද්‍යාලයට ගිය බවයි පියා පොලීසියට කළ පැමිණිල්ලේ දැක්වෙන්නේ.
එහෙත් ඔවුන් දෙදෙනාම යළි නිවසට නොපැමිණි බව අදාළ පැමිණිල්ලේ වැඩිදුරටත් දැක්වෙනවා. මෙලෙස අතුරුදන්ව ඇත්තේ නෝර්වුඞ් ඉන්ජර්ස්ටින් වතුයායේ පදිංචි ශිවකුමාර් මදුෂාන් නමැති දරුවා සහ ඔහුගේ වැඩිමහල් සොහොයුරියයි.
මෙම දරුවන්ගේ මව, පියාගෙන් වෙන්වී ගම්පොල, කුරුදුවත්ත ප‍්‍රදේශයේ පදිංචි වී සිටිනවා. ඇය නිතර මෙම දරුවන් බැලීමට පැමිණෙන බවයි පොලිසිය කළ විමර්ශනවලදි අනාවරණ වී ඇත්තේ.
ඇතැම්විට ශිෂ්‍යත්ව විභාගය අවසන්වීමෙන් පසු දරුවන් දෙදෙනා මව විසින් කැදවාගෙන ගියේද නැතහොත් දරුවන් දෙදෙනා මව බැලීමට ගම්පොල ප‍්‍රදේශයට ගියේද යන්න සෙවීමට විමර්ශන කි‍්‍රයාත්මකයි.