Jul
20

සහෝදරයන් දෙදෙනෙක් එක්ව එක්ව කළ සිංහල චිත්‍රපටයක් ලන්ඩන් ඉන්දියානු සිනමා උළෙල නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ඇත. එනම් කල්පන ආරියවංශ සහ වින්දන ආරියවංශ ගේ 'ප්‍රේමය නම්' සිනමා කෘතියයි. එය ජාත්‍යන්තරයට පය තබන්නේ Dirty, Yellow Darkness නමින්ය.
'ප්‍රේමය නම් කියන එකට අගට විශේෂණ පද එකතු කරන්නට පුළුවන් තමන් එය අත් විඳපු හැටියට. ප්‍රේමය නම් භාග්‍යයකි... ප්‍රේමය නම් වාසනාවකි... ප්‍රේමය නම් කරුමයකි... ඒ ඕන එකක්. තමන් අර්ථකතනයක් දෙනවා ඒ කරපු කැප කිරීම මත.'
වින්දන ගේ පෞද්ගලික අත්දැකීම කල්පන හා එක්ව සිනමාවට නගන ලෙස මුලින්ම යෝජනා කර ඇත්තේ ආදරණීය පියාණන්. ඔහු ප්‍රවීණ ගීත රචක කුලරත්න ආරියවංශ.
'මට තියෙන්නේ පිරිසිදු කම ගැන සෞඛ්‍ය ප්‍රශ්නයක්. ඒකයි Dirty කියන වචනය යෙදුවේ. Yellow කියන්නේ මුත්‍රා පිළිබඳ තියෙන බිය. Darkness කියන්නේ මගේ ජීවිතය අඳුරු අගාධයකට ගිය හැටි.' වින්දන බීබීසීයට හෙළිදරව් කළේය.
'ප්‍රේම නම්' මේ වන විට ජාත්‍යන්තර සිනමා උළෙල එකොළහක් නියෝජනය කර ඇත.මේ අයිය මලෝ දෙදෙනා එක්ව සිත්තම් කළ සිනමා අන්දරය ලන්ඩනයේ දෙතැනක තිර ගත වෙයි.එහි පූර්ව ප්‍රචාරක පටය පහලින්