Jul
20

ජාත්‍යන්තර ලෝහක ඡායා වෙඩිතැබීමේ තරගාවලියේ (International Metallic Silhouette Shooting Union (IMSSU) 12 වන වරට දකුණු අප්‍රිකාව්‍ෙ පැවැත්වින කුඩා සිදුරු සැහැල්ලු රයිෆල් සහ කුඩා සිදුරු ඡායා රයිෆල් ඉසව්වේ ජයග්‍රහණයන් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.
මෙම තරගාවලිය ඉකුත් ජූලි 02 වැනිදා සිට 16 වැනිදා දක්වා දකුණු අප්‍රිකාව්‍ෙ බ්ලුපොන්ටන්හිදී පැවැත්වින. මෙම තරගාවලිය නියෝජනයට ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් 08 දෙනෙකු සහභාගීවිය.
ලෝක ශූරතාව දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම සමස්ත තරගාවලියේදී, රන් පදක්කම් 18ක්, රීදී පදක්කම් 09ක් සහ ලෝකඩ පදක්කම් 11ක් සමගින් පදක්කම් 38ක් දිනාගත්හ.
ශ්‍රී ලංකා යුද හමුදාව්‍ෙ -කපිතාන් පී.කේ.ජී.එස්. ගයංග සමස්ත තරගාවලියේදී පදක්කම් රන් 08, රිදී 02, ලෝකඩ 01
(එමෙන්ම ඔහු කුඩා සිදුරු සැහැල්ලු රයිෆල් හා කුඩා සිදුරු ජායා රයිෆල් ඉසව් වල ලොව අංක 1 වෙඩික්කරු විය.)
කළමනාකරු සහ ක්‍රීඩක-මේජර් සංජීව රත්නායක රන් 05, රිදී 02, ලෝකඩ 05
යුද හමුදා බලලත් නිලධාරී-නන්දන වීරසිංහ රන් 04, රිදී 01, ලෝකඩ 03
කණ්ඩායම් නායක-බි‍්‍රගේඩියර් සුදර්ශන වැලිකල රන් 01, රිදී 01, ලෝකඩ 02
කෝප‍්‍රල්-රොෂාන් ගුණවර්ධන රිදී 01
ලෙස පදක්කම් ලබාගත්හ සමත් වූහ.
ඔවුන්ට අමතරව තරගාවලියේ කනිෂ්ඨ අංශය නියෝජනය කරමින් සහභාගි වූ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ 10 වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන ඉෂාර අඹේපිටිය රිදී පදක්කම් 02ක් දිනාගැනීමට සමත් විය.
මෙවර තරගාවලිය සඳහා ප්‍රංශය, ජර්මනිය, නවසීලන්තය, නෝර්වේ, ෆින්ලන්තය හා සත්කාරක දකුණු අප්‍රිකාව ඇතුළු තවත් රටවල් කිහිපයකින් කණ්ඩායම් සහභාගි විය. ඔවුන් අතරින් අනුශූරතාව ප්‍රංශය විසින් දිනාගත් අතර, සත්කාරක දකුණු අප්‍රිකාවට එහි තෙවැනි ස්ථානය හිමිවිය.
ශ‍්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලියේදී, කුඩාසිදුරු සැහැල්ලු ඡායා රයිෆල් වෙඩිතැබීම, කුඩාසිදුරු සැහැල්ලු ඡායා විවෘත රයිෆල් වෙඩිතැබීම, විශාල සිදුරු දඩයම් රයිෆල් වෙඩිතැබීම, වායු රයිෆල් සහ වායු පිස්තෝල වෙඩිතැබීම යන තරග ඉසව් යටතේ තරග කළේය.
ලෝක ශූර ශ‍්‍රී ලංකා කණ්ඩායම ඊයේ (18දා) දිවයිනට පැමිණි අතර, ඔවුන් පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා ජාතික රයිෆල් සංගමයේ සභාපති මේජර් ජනරාල් සුදන්ත රණසිංහ, ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් නියෝජනය කරමින් ක්‍රීඩා ව්‍යාපෘති නිලධාරී ඒ. කොස්තා යන මහත්වරු ඇතුළු ශ්‍රී ලංකා යුද හමුදාව සහ ජයග්‍රාහී කණ්ඩායමේ පවුල්වල සාමාජිකයෝ ඇතුළු පිරිසක් සහභාගි වූහ.