Jul
20
බස් ගාස්තු වැඩි වෙද්දී දුම්රිය ගාස්තු වැඩි නොවන ලකුණු

එහි ලේකම් නිහාල් සෝමවීර මහතා සඳහන් කළේ, එය තවදුරටත් ජනතාවට ලාභදායි පොදු ප්‍රවාහන මාධ්‍යයක් ලෙස පවත්වාගෙන යාමට රජය තීරණය කර ඇති බව ය.
අවසන් වරට දුම්රිය ගාස්තු සංශෝධනයක් සිදු කර ඇත්තේ 2008 වර්ෂයේදී ය.
ලේකම්වරයා සඳහන් කළේ, භාණ්ඩ ප්‍රවාහන සේවාවෙන් හා දුම්රිය ඉඩම් බදු දීමෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළ නංවා ගැනීමට සැලසුම් කර ඇති බව ය.
කෙසේ වෙතත් ලංගම හා පෞද්ගලික බස් රථ ගාස්තු ලබන පළමු වන දා සිට 6%කින් ඉහළ දැමීමට නියමිත බව ද ඔහු සඳහන් කළේ ය.