Jul
20
සිය දියණියගේ අසභ්‍යය දර්ශණ අන්තර්ජාලයට එක් වීම හේතුවෙන් පවුලක්ම සියදිවි හානිකරගෙන තිබ්‍ෙ. මෙලෙස මියගෙස් තිබෙන්නේ අදාල අසභ්‍යය දර්ශණ නිකුතු වූ තරුණියගේ මව, පියා, වැඩිමහල් සොයුරා හා බාල සොයුරන් දෙදෙනා යන 5 දෙනායි.
මෙම සිදුවීම සිදුව තිබෙන්නේ ඉන්දියාව්ෙ හරියානා ප්රාන්තයෙන්ය. අදාල තරුණිය වැඩිදුර අධ්‍යාපනය සදහා බැංගලෝර් වෙත පැමිණීමෙන් පසු තරුණයෙක් සමග ප්‍රේම සබදතාවයක් පටන්ගෙන තිබ්‍ෙ. පසුව ඇය පෙම්වතා සමග හෝටල් කාමරයකට ගිය අවස්ථාවක තරුණියගේ නිරුවත් වීඩියෝවක් ඇගේ පෙම්වතා විසින් ජංගම දුරකථනයෙන් ලබාගෙන තිබ්‍ෙ.
පසුව පෙම්වතා වීඩියෝගත කිරීම පිළිබද බැනවැදී ඇති අතර ඔහු එම වීඩියෝව ඉවත් කල බවට පවසා ඇත. අනතුරුව ඔහු මෙම වීඩියෝව ඔහුගේ මිතුරන්ට පෙන්වීමට යැවීම නිසා පසු අන්තර්ජාලයට එක්ව තිබ්‍ෙ. මෙම දර්ශණ පිළිබද තරුණියගේ පියා දැනුවත් කර ඇත්තේ ඹහුගේ කාර්ය්යාලයේ මිතුරෙකු විසිනි. අනතුරුව ඇයගේ පියා දුරකථනයෙන් සිය දියණියට අමතා පවසා ඇත්තේ ඉක්මනින් නිවසට පැමිණෙන ලෙසයි.
පසුව මෙම තරුණිය හරියානාහි ඇති නිවසට පැමිණි විට ඔවුන් සියලු දෙනා වස පානය කර මියගොස් තිබී ඇත. ඔවුන් එම ස්ථානයේ ලිපියක්ද තබා ඇති අතර පසුව මෙම තරුණියද ගෙල වැලලාගෙන මියගොස් තිබ්‍ෙ.