Jul
09

කාන්තාවන්ට ප්‍රසිද්ධියේ අපහාස කළා යැයි බොලිවුඩ් සුපිරි නළු සල්මාන් ඛාන්ට චෝදනාවක් එල්ලවී තිබෙනවා.
සල්මාන්ගේ නවතම චිත්‍රපටය වන 'සුල්තාන්' චිත්‍රපටය පිළිබඳ මාධ්‍යට අදහස් දැක්වීමේදී ඔහු පවසා ඇත්තේ එම චරිතය රඟපෑමට 'දූෂණයට ලක්වූ කාන්තාවක්' තරම් තමන් වෙහෙසුණු බවයි.
මේ ප්‍රකාශය සම්බන්දව සමාජ ජාල වෙබ් අඩවි හා කාන්තා සංවිධාන පවසන්නේ සල්මාන් මේ ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රසිද්දියේ සමාව ගත යුතු බවයි.
සල්මාන් මේ චිත්‍රපටයේ රඟපාන්නේ මල්ලවපොර ශූරයකුගෙ චරිතයක්.