Jul
09
බස් ගාස්තු වැඩි කිරීමකට කොන්දේසි සමග එකඟතාවක්!

බස් ගාස්තු වැඩි කිරීමත් සමග බස් සේවාවේ ගුණාත්මකභාවය ද වැඩි කළ යුතු බවද මෙහිදී අවධාරණය කෙරුණා.
“බස් වලට මගීන් නංවා ගන්නේ ලොරිවලට පොල් පටවනව වගෙයි. එහෙම වෙන්න බැහැ. බස් රථයක ගමන් ගන්න පුළුවන් උපරිම මගී සීමාව ක්‍රියාත්මක කළ යුතුයි. මගීන්ට නිසි ප්‍රමිතියෙන් යුත් ප්‍රවාහන සේවාවක් ලබා දෙන්න බලධාරීන් සහ බස් හිමියන් කටයුතු කරන්න ඕන.“
බස් ගාස්තු ජාතික ප‍්‍රතිපත්තියක් සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත්කර ඇති විද්වත් කමිටුවට පාරිභෝගිකයන් නියෝජනය කරමින් ද පුද්ගලයින් පත්කරන්නැයි ද පාරිභෝගිකයින් සුරැකීමේ ජාතික ව්‍යාපාරය ඉල්ලීමක් කළා.