Jul
09
ගාල්ල බස් නැවතුම්පොළ අසළ ඇළේ තිබී මළ සිරුරක් හමුවේ

ගාල්ල - බස් නැවතුම්පොළ අසළ කුණු ඇළේ තිබී අද පෙරවරුවේ පිරිමි මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.
පොලීසියට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ පරීක්ෂණයකදී මෙම මළ සිරුර සොයාගෙන ඇති අතර, මිය ගිය පුද්ගලයා කවුරුන් ද යන්න මෙතෙක් අනාවරණ වී නැහැ.
ගාල්ල නාගරික හදිසි මරණ පරීක්ෂක බී.ඞී.ඒ. කරුණාතිලක සිරුර පිළිබඳ මරණ පරීක්ෂණය සිදුකළ අතර, වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා මළ සිරුර කරාපිටිය ශික්ෂණ රෝහලට රැගෙන ගොස් තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.