Jul
08
ප්‍රින්ස් යළිත් ජීවන සටනක..සියල්ල ප්‍රින්ස්ව හැර දමා යයි

ප්‍රින්ස් උදය ප්‍රියන්ත පසුගිය වසරේ අග භාගයේදී දැඩි ලෙස රෝගාතුර වූ අතර එහිදී වරක් සුවය ලැබුවද කෙටි කලකින් නැවතත් රෝගී තත්ත්වය උත්සන්න වුණා.
එන්නත් සඳහා දිනකට ලක්ෂයකට ආසන්න මුදලක් වියදම් කරමින් සති කීපයක් පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබීමට ඔහුට සිදුවුණා.
මේ වනවිට නැවතත් නිවසට ගොස් සිටින මේ සොඳුරු ගායකයාට අද ගායනය පසෙක තබා සුවවෙමින් පවතින රෝගයට ප්‍රතිකාර සඳහා වැයවන අධික වියදම සමග සටන් වැදීමට සිදු වී තිබෙනවා.
ප්‍රින්ස් උපයාගත් මිල මුදල් හා යානවාහනද අද ප්‍රින්ස් හැරගොස් ඇත්තේ ප්‍රතිකාර සඳහා වැයවන අධික මුදල නිසායි.
බොහෝ දුෂ්කරතා මැද ජීවන අරගලය තුළ ප්‍රින්ස් රැකගැනීමට ඉතිරිව ඇත්තේ ඔහුගේ නැගණිය පමණි.
“වෛද්‍ය පරීක්ෂණ නොමැතිව මාසිකව ප්‍රින්ස්ට ලබාදිය යුතු බෙහෙත් සඳහා පමණක් අද වනවිට රුපියල් හැට දහසකට වඩා වැයවෙනවා. ඒ අතරේ ඔහු වෙනුවෙන් නිර්දේශ කරන සමහර වෛද්‍ය පරීක්ෂණ සඳහාද විශාල මුදලක් වැයවෙනවා. දැන් රෝගය සුව අතට හැරෙමිනුයි තියෙන්නේ. නමුත් තව ටික කලක් අඛණ්ඩව ප්‍රතිකාර ලබාදිය යුතු බවයි විශේෂඥ වෛද්‍ය මතය. මගේ එකම අයියා වගේම රසික රසිකාවියන්ගේ ආදරණීය ප්‍රින්ස් රැකගැනීමට උදව් අවශ්‍යම වෙලාව තමයි මේ.” ඔහුගේ නැගණිය වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් දැක්වූයේ අදහසක්.