Jul
23
කෝටි 2ක ගංජා තොගයක් මන්නාරමෙන් හසුවේ
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiKWEecW8G-WQ7uLYQgQlCSLbnOGXdhFTOEPUHH9iB3Kz_424QpaegojPJaOfU1Z8Bx50iWObDFF1t04qVRFotFWJjWbsxhPaXjgEZOxsBfUpKt9S46v_MgXZNCODjvVE0hWewqYtB45Fg/s320/10979001682010737381ganjakerala2.jpg)
මන්නාරම දිස්ත්‍රික්කයේ සීලාවතු ප්‍රදේශයේ මුහුදේ තිබී කේරල ගංජා තොගයක් පොලීසිය විසින් සොයාගෙන ඇත.
මන්නාරම පොලීසියට ලද තොරතුරක් අනුව වෙරලතීරය පරික්ෂා කිරීමේදී මෙම ගංජා තොගය පොලීසිය විසින් සොයාගෙන ඇත. පොලීසිය විසින් සොයාගත් ගංජා තොගයේ බර කිලෝ 140 ක් බව පොලීසිය සදහන් කරයි. මෙම ගංජා තොගයේ වෙළදපොල වටිනාකම රැපියල් කෝටි දෙකකට ආසන්න වේ.
පොලීසිය සදහන් කරන්නේ ඉන්දියාවේ සිට ලංකාවට ගංජා ප්‍රවාහනය කරනා ජාවාරම් කරැවන් විසින් බෝට්ටුවකින් ගෙනවිත් නාවික හමුදා යාත්‍රා වලට හසුවෙතැයි බියට මුහුදේ දමා යන්නට ඇති බවයි.
අත්අඩංගුවට ගත් ගංජා තොගය මන්නාරම අධිකරණයට ඉදිරිපත් කරීමට නියමිතයි.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj0nraTY64WTdRJlFCN8zPqgSloWmNryyy3cOjP4EzLZBSy08cg2sginlmU2nIw3slC8uYKG07ShWWaKV6JFJ213Ilf-YbZReNYX581vN4SERtZLoEIokatdu4sYtLWOVv2BJw6ZhhIdDc/s1600/c23257c2e803386fe67c9e072ac2e8e1_L.jpg)