May 28

කුවේටය ලෝක නීති කඩයි ශ්‍රී ලංකාව බැරෑරුම් තත්වයකට


වලංගු වීසා කාලය ඉකුත් වී කුවේට් රාජ්‍යයේ රැුදී සිටින සියලුම දෙනාට ඒ රටෙන් ඉවත්වීම සඳහා පොදු සමා කාලයක් ලබා දී තිබේ. එම පොදු සමා කාලය මේ වන විට අවසන් දින කිහිපය ගෙවෙමින් පවතී. ලක්‍ෂය ඉක්මවූ ශ්‍රී ලාංකිකයන් පිරිසක් නීතයානුකූල ලෙස එහි රැුදී සිටින අතර තවත් ලාංකිකයන් 19,000 කට ආසන්න පිරිසක් වීසා බලපත්‍ර අවලංගු වී තිබියදී එහි රැඳී සිටිති.

ඒ හේතුවෙන් පොදු සමා කාලයේදී ඔවුන්ගෙන් වැඩි පිරිසත් ශ්‍රී ලංකාවට ඒමට බලාපොරොත්තුවෙන් සිටියි.

එරට රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසකට මේ වන විටත් කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තොරතුරු හෙළිවී තිබේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරන්නේ කුවේට් රාජ්‍යය විසින් කොරෝනා ලෝක වසංගත තත්ත්වයේදී ලෝකය විසින් පිළිගත් සම්මුතීන් වලින් බැහැරව කටයුතු කර ඇති බවයි.

ඔවුන් ශ්‍රී ලාංකික ඇතුළු විදේශ ශ්‍රමිකයන් පිටත් කර යැවීමේ දී නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කර නැති බවත් ඉතා සමීපව කුඩා කුටි වලදී ඔවුන් රදවා ඇති බවත් සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා කියා සිටියේය.

මේ නිසා එරටින් ශ්‍රී ලංකාවට සිටින සියලුම දෙනාට කොරෝනා ආසාදනය වීමට වැඩි ඉඩක් ඇතැයි ද ඔහු සඳහන් කළේය.

එමෙන්ම ඉදිරියේදී එරටින් ලාංකිකයන් ගෙන්වා ගැනීමේ දී තවදුරටත් ඉතා ප්‍රවේශමෙන් කටයුතු කළ යුතු බවද ඔහු පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.