May 28

මෙරට දිනකට වැඩිම කොරෝනා රෝගීන් ගණන හමුවේ !


ඊයෙත් දිනයේදී පමණක් මෙරට තුළ කොරෝනා ආසාදිතයන් 150 දෙනෙකු අලුතින් හඳුනාගෙන තිබේ.

එය මෙරට එක් දිනකදී හදුනාගත් වැඩිම ආසාදිත ප්‍රමාණයයි.

ඔවුන් ද සමඟ මෙරටින් කොරෝනා ආසාදිතයන් හමුවූ ප්‍රමාණය 1469 දක්වා ඉහළ ගොස් ඇත.

ඊයේ දිනයේ හඳුනාගත් පිරිස අතර 97 දෙනෙකු විදේශයන්හි සිට පැමිණි අය වන අතර සෙසු පිරිස නාවික හමුදා සාමාජිකයන්ය.

මෙම පිරිස සමගින් මෙරට සුව වීමේ ප්‍රතිශතය 50% සීමාවෙන් පහළට පැමිණ තිබේ.

මේ අතර කුවේට්හි සිට මව්බිමට ගෙන්වා ගැනුනු කණ්ඩායමෙන් 300කට ආසන්න පිරිසකට නව්‍ය කොරෝනා ආසාධනය වී ඇතැයි මේ වන විට තහවුරු වී තිබෙනවා.

විවිධ වයස් කාණ්ඩවලට අයත් 437 දෙනෙකුගේ කණ්ඩායමක් ඉකුත් 19 සහ 20 යන දින දෙකේදී කුවේට් සිට මව්බිමට ගෙන්වා ගැණුනා.

ඔවුන් රදවනු ලැබූයේ තී‍්‍රකුණාමලය ක්ලැපන්ටන්, මංකි බේ සහ මින්නේරිය අයි. සී. ටී. යන නිරෝධායන මධ්‍යස්ථානවලයි.

මෙම කණ්ඩායමෙන් වැඩි පිරිසකට නව්‍ය කොරෝනා ආසාධනය වී ඇත්තේ කෙසේදැයිද කරුණු සොයා බැලීමක් කර තිබෙනවා.

එහිදී හෙලිව ඇත්තේ කුවේට්හි ඇතැම් හාම්පුතුන් තමන් යටතේ සේවය කළ අය රෝගීවූ පසු නිවෙස්වලින් පලවා හැර ඇති බවයි.

රෝගීවූ තවත් පිරිසක් සේවය කල නිවෙස්වලින් පලාවිත් තිබෙනවා. මෙම සියලූ දෙනාද නීති විරෝධීව කුවෙට්හි රැදී සිටි සෙසු ශී‍්‍ර ලාංකිකයන්ද එරට රැදවුම් මධ්‍යස්ථානවල සිටව ඇත්තේ සාමූහිකවයි. නව්‍ය කොරෝනා වෛරසය ඔවුන්ට ආසාධනය වී ඇත්තේ ඒ අනුව බව සැකකෙරෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.